අනෝරා වැසි යටින්
ඇදෙන මම
දිටිමි වැසි දියට
තෙමෙනා ඔබ
අරලියා කුසුම,
දැවෙන ගිනි මද්දහනේ
ඇදෙන මම
දිටිමි
දෙනෝ දාහක්
පයට පැගෙන
ඔබ,
ඒද විය
එදා දුටු
අරලියා කුසුම
ඔබ,
වීය සසල
මා හදවත...
මිටින් ගුලි කර
ගතිමි තුරුලට
සඟවන්න
පපුතුරෙහි
ඔබ...
අනාරාධිතවම...
ඇදෙන මම
දිටිමි වැසි දියට
තෙමෙනා ඔබ
අරලියා කුසුම,
දැවෙන ගිනි මද්දහනේ
ඇදෙන මම
දිටිමි
දෙනෝ දාහක්
පයට පැගෙන
ඔබ,
ඒද විය
එදා දුටු
අරලියා කුසුම
ඔබ,
වීය සසල
මා හදවත...
මිටින් ගුලි කර
ගතිමි තුරුලට
සඟවන්න
පපුතුරෙහි
ඔබ...
අනාරාධිතවම...
0 comments:
Post a Comment