Pages

Tuesday, October 18, 2016

කොනිත්තන සිහින

ඔබේ ලොකු සිහින අතර
මගේ පොඩි සිහින ගුලිව ඇත 

වැලපෙත , කෑ ගසත ;
නමුත් ඔබට නෑසෙනවා වෙන්න ඇත
ඊට කම් නැත
විටින් විට කොනිත්තා මසිත
රිදෙනවා දැයි අසන 

මගේ  මේ  ආලය බෝම අන්ධයි පෙම්වත.

Monday, April 21, 2014

විටින් විට විත්
ප්‍රථම ප්‍රේමය මා නිවාලයි
අද දවස කෙලෙසද අසයි
පවුලේ සැප දුක් විමසාලයි

නැවත මා දැක ගන්න කැමති බව කියයි...

සය වසක් ඉක්ම  ගොස් ඇත
මා නිවාලන්නේ ඒ වදන්මද
නැතිනම් 
කාලයා වද ....

Sunday, April 20, 2014

ප්‍රථම ප්‍රේමය

කවුරුන් හෝ ප්‍රථම ප්‍රේමය ගැන  සිහි නගන විට
සැනින් මතක් වෙයි මට ඔබව;

ස්නේහයෙන් මතකයට නඟමි

නොවූ බව දහසක් වූ අපේක්ෂාවන් අපට,
ආදරය රාගයෙන්  තොරව 
සඳ එළිය සේ ගගනත සැරුව බවට,

එහෙත් මතක් වෙන විට 

කොහේ හෝ වරදක් වූ බවට;

අමතක කරන්නට සිතමි

ප්‍රථම ප්‍රේමය ......

මතකය සුන්දරය

කළු වළාවන් දැවටුව නොවුමනාමය....

Saturday, April 19, 2014

දින බිලියන ගණනින් ගෙවුනද
ඉර කිසි දිනෙක කියා නැත
මහා පොලොව
නුඹ මට අයිති බව

ආදරයද
එලෙසම එලිය දේ 
මුළු ලොවට
උරුම කම් නොකියන 
සඳ
කළුවර අහස හා
වළාකුළු සසල වුන.......

සිප්පි කටු.....

ඇතැමෙක් යහමින් වේගයෙන්
ඇහිඳිද්දී
තවකෙක් සෙමෙන් ටිකක් ඇහිඳී...

එහෙත් කිසිවෙකුටත්
සියල්ලම
ඇහිඳිය නොහැකි
මේ මඟ හැරුම
ඔබට යන්තමින් රිදෙන්නටය
සැබැවින්ම මතු දිනක
මා නිසා
නොරිදෙන්නටය;

Friday, April 18, 2014

දියවෙන්න පෙර

මට අල්ලන්න බැරිවෙච්ච

ගිම්හානයට වට තුහින බිඳ 

ඔබ විය

සීතල ගෑවිච්ච ;