Pages

Saturday, November 13, 2010

සබද මිනිසුනි එපා මා කෙලෙසන්න

ඊයේ උදය වරුවේ දෙහිවල මූදු වෙරළ තීරය පුරාවට දුටු හද කකියවන දර්ශනයෙන් සසල වුණ සිතෙන් මෙය ලියන්නට සිතීමී.මිනිසුන් මෙතරම් පරිසරයට ක්‍රෑර ලෙස සලකනුයේ ඇයි දැයි මට සිතා ගත නොහැක.අප වෙරළ තීරයට අඩිය තිවූ වහාම නෙත ගැටුනේ තීරය පුරාවට විසිරී තිවූ බෝතල් ප්ලාස්ටික් කැබලි හා වෙනත් දවටන වර්ගයි.අඩියක් අඩියක් පාසා තැනින් තැන ඒවා අහුලන් කන්නට එන කපුටන් හා වෙනත් කුඩා සතුනුයි.නොබෝ වෙලාවකින් දුටු දසුනින් අයියෝ මොන අපරාදයක්දැයි කියවෙන තරමට මා සිත වික්ෂිප්ත විය.වෙනදා නිල් පැහැයට බැබලෙමින් සිනාසෙමින් වෙරලට විත් හැපී බිදී පෙණ නැ0වා යන රැළි කලූ පැහැයෙන් විත් මෙතෙක් දිනක් දරා සිටි පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි වෙරලට දමා යයි.අධික දුර්ගන්දයක් වෙරළේ සෑම තැනකම අඩු වැඩි නැතුව පැතිරී යමින් තිවුණත් එය මදක් හෝ සමනය වුයේ මූදු සුළග අධික වේගයෙන් හමා යමින් තිවුන නිසා වෙන්නට පුළුවන්.වෙනත් ජල මාර්ග මූදට එකතු වෙන ස්ථාන වල මූදු වෙරළ  වැලි තලාව බෙදී වෙන් වන  සේ විශාල ජල පහරවල් සැදී ඇති අයුරු ඉතාම සුලභයි.මේ සියලු ජල පහරවල් දිගේ සාගර කාන්තාවට එක් වනුයේ තවත් එවරස්ට් කන්දක් තරම් විශාල වූ කුණු අපද්‍රව්‍ය සම්භාරයක් පමණි...මේ සියලු කුනු කන්දල් මදිවාට තැනින් තැන කුඩා අතු පැල් තුළ සිදුව දේවල් සොයා බලන්නට කෙනෙකු නැති තරම්ය.පෝන් ස්ටාර්ලා හොයන්නට යන අපේ ළමා කාර්යාශ මේවා තුලද වෙන්නේ මොනවාදැයි යන්තම් හෝ ඇහැක් බලනවානම් ඉතාමත් වටිනු ඇතැයි මට හැගේ.මේ තත්වය මෙලෙසම ඉදිරියටත් පැවතුනහොත් අපේ මිනිසුන්ට සිදු වනු ඇත්තේ විසාලා මහ නුවර තුන් බියට බයෙන් ජීවත් වුවාක් මෙන් සිටීමටය.එහි වරදකරුවන් වනු ඇත්තේද වෙන කිසිවකු නොව මිනිස් සත්වයාමය.තවත් සුනාමියක් ඇවිත් ගියත් අපේ මිනිසුන්ට නම් ගාණක් නොමැති වනු ඇත.මන්ද මිනිස් සත්වයා වනාහි යමක් දුටු කල සතියක් දෙකක් අඩා පසුව එසැනින් අමතක වන සතෙකු වන නිසාය.එහෙත් මේ සියල්ලම දුටු කල මට නම් සිතුනේ සාගර දියණියට කතා කල හැකිනම් මෙසේ කියනු ඇති කියාය.


සබද මිනිසුනි
එපා මා කෙලෙසන්න
පිවිතුරු බව මගේ
රැක ගන්න ඉඩ දෙන්න
ඕනෑ තරම් මගෙ
රූ සොභා විදගන්න
සොදුරු බව පමණක්ම
                                                     ගෙනයන්න
                                                     එපා....
                                                     මා කෙලෙසන්න....

2 comments:

udaya.jayawardhana said...

කොලඹ නාගරික පරිසරයේ බොහෝ අපද්‍රව්‍ය සෘජුවම හෝ වක්‍රව එක්වන්නේ ජල මාර්ග වලට ය. ඊට මතරව වැස්සක් වැටුනවිට සියළු කුණු කඳු ජලයෙන් සේදී ජල මාඑගවලට එක්වේ. අවසන කෙලවරක් නැති මේ අප්‍රමාණ කුණුගොඩ ජලය සමගින් මුහුදට එකෙවේ. දෙහිවල පමණක් නොව බොහෝ නාගරික වෙරළ තීරයන්ට අත්වී ඇති ඉරණම එයයි.
මෙවැනි කුණුගොඩක ඇති ද්‍රව්‍ය නිරීක්ෂණය කලහොත්, මිනිස් අපි පහසුවෙන් තෘප්තිමත් නොවන අසීමාන්තික ආශවන්ගෙන් හෙබි අය බව පහසුවෙන් අවබෝධවනු නිසැකය.

udaya.jayawardhana said...

උත්පලා නංගී, ඔබ නිවැරදියි. අඩුම ගානෙ කොල කෑලි, ආහාර දවටන ආදී සැහැල්ලු අපද්‍රව්‍ය විදිමත්ව බැහැර කරන්න පුරුද්දක් ඇතිකර ගත යුතුයි. බොහෝ අය මේ කටයුත්ත සැහැල්ලුවට ගෙන ප්‍රසිද්ධ නවීන පන්නයේ ස්ථාන වලදී පමණක් සංයමයෙක් කටයුතු කර, පොදු හා පහල පෙලේ හ...ෝටල් ආදී ස්ථා...නවල දී සැහැල්ලු අපද්‍රව්‍ය වග විභාගයක් නැතිව බැහැර කරන දර්ශනය ඉතා සුලබයි. මා මේ පුරුද්ද හොඳින් අධ්‍යයනය කර ඇත. බොහෝ අය තුල ඇත්තේ පාරිසරික සුරක්ෂිත තාව ගැන තැකීමක් නොව, කුණු කසල බැහැර කරන ආකාරය නිසා තමන්ට ලැජ්ජා වීමට සිදුවේද යන කරුණ පමණයි. එහෙයින් ඉඩක් ලද විට සුපුරුදු ලෙසම කටයුතු කරයි.
මේ සඳහා කල හැකි හොඳම කටයුත්ත නම්, තමන් තුල අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාල හොඳ පුරුදු ඇතිකර ගැනීමයි.

1. සෑමවිටම තමන් විසින් ඉවතලන සැහැල්ලු අපද්‍රව්‍ය සුදුසු ස්ථාන සොයා බැහැර කලයුතුය. [පුරුදු වුනාම මේක හරි ලේසියි]

2. කුණු කසළ දමන බහාලුම් වසා තැබීමට අමතක නොකල යුතුයි.[කපුටු සහ බලු ප්‍රශ්නය :) ]

3. ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය ඉතාම අවම කලයුතුයි. දිගු කල් පවතින වෙනත් ආදේශක තෝරාගන්න.

4. නිවාස වල කුනු කසල නිසි පරිදි වර්ගීකරණය කර කුණු එකතු කරන සේවකයන්ට භාරදී ප්‍රතිචක්‍රීකරණ වැඩ සටහන් වලට සහය වන්න.

5. විනෝද චාරිකා වලදී ගමන් කරන විශේෂ ස්ථාන වල කසල බැහැර කිරීම ඉතාම අවම කරන්න.
ශ්‍රී පාදස්ථනය වැනි කඳු මුදුන් වැනි ස්ථාන වල හා ජල මාර්ග වල නොදිරන අපද්‍රව්‍ය කිසිසේත් බැහැර නොකරන්න.
[ප්‍රිසිදු කිරීමේ ශ්‍රම දානයකට සහභාගී වුනොත් මම කියන කතාව හොඳට තේරුම් යනවා, ආයෙ කවදාක වත් වැරදි කරන්න හිතෙන්නෙ නැහැ]

6. සුපිරි වෙළඳ සල් වල තිබූ පමණින් අනවශ්‍ය දේ මිලදී නොගන්න. [විශේෂයෙන්ම නොදිරන දේවල්]

7. තවත් එක අයෙක් වත් ඉහත කරුණු හයට පොලඹවා ගන්න.

මේ කරුණු හය පිලිපදින එක හරිම පහසුයි. මම එහෙම කියන්නෙ අත්දැකීමෙන් සහ බොහොම නිහතමානී ප්‍රීතියකින්.

Post a Comment