Pages

Tuesday, November 9, 2010

වසන්තය මා දුටු සිහිනයක්නම් ඉතින් මo ඉන් අවදිවන්නම්

පෑන අතැගිලි අතරින්න දැන්
ඇවැසියි මට දැන් විරාමයක්
කල්පනා ලොවක තනිවන්න මට
ඕනා වැඩිපුර ඉඩ කඩක්


නීල වළාකුළු ඔහේ පාවුනාවේ
මට පෙනුනේ නෑ වෙනදා වගේ
සමනළුන් ඔහේ පියැඹුවාවේ
මට පෙනුනේ නෑ වෙනදා වගේ
පිපුනු මල් ඔහේ පරවුනාවේ
මට දැනුනේ නෑ වෙනදා වගේ
තරු මොටද මේ අදුරු අහසේ
නොපායන්  සිත් අහසට මගේ


ඉදුවරක් මගේ ලොව නොපායන්
ඒ පේන දෙව් ලොව මට දුරයි නම්
කුරුල්ලනි ඔය කිචි බිචිය නවතන්
නිහඩ බව දැන් මට උරුමනම්
ලොවම නිහඩව කදුලු හෙලුදෙන්
මම නො ඇසුනා වගේ ඉදින්නම්
වසන්තය මා දුටු සිහිනයක්නම්
ඉතින් මo ඉන්  අවදිවන්නම්

0 comments:

Post a Comment