අනේ මන්දා මම ලියන දේවල් වලින් මාව මනින්න ගත්තොතින් එහෙම මෙහෙම  මම මේ වෙනකොට කීයක් එක්ක නම් යාලු වෙලා ඉන්න ඇද්ද.කීයකට බූට් දීලා ඇද්ද.බූට් කාලා ඇද්ද.ඔන්න මිනිස්සුන්ට අපි ලියන ඒවා කියවන කොට එන ප්‍රශ්න.මට මෙහෙම හිතුනේ මගේ "යාලුවෙක්" තවත් යාලුවෙක් එක්ක කියලා තියන කතාවක් ඇහුවට පස්සේ.මේ මිනිස්සුන්ට පිස්සු අපි ලියන්න ඕනේ විදින්න ඕනේ අපිට වෙන දේම විතරද මේ ජීවිතේ.වෙන කෙනෙකුට වෙන දෙයක් අපි අහපු දෙයක් අපිට වුනා වගේ වින්දනය කරලා හැගීමක් ලබලා ඒ ෆැන්ටසියේ  ජීවත් වෙමින් ලියන්න බැරිද.ඒක වැරදිද.ලියන හැම දෙයක් දිහාම ඇයි මේ සමහරු වපර ඇහින් බලන්නේ.පුරුද්දද හැටිද.මේවා අහනකොට දකිනකොට හිතට එන්නේ නොසෑහෙන වේදනාවක්.කාට මඩු වලිගෙන් තලන්නද . අනේ මන්දා.
Subscribe to:
Post Comments (Atom)
 
 



 
 Posts
Posts
 
 
3 comments:
මිනිස්සුන්ට කතා හදන එක මිනිස්සුන්ගෙ රාජකාරිය නෙව.....මෙයා එකවත් දන්නෙ නෑ නෙව.....ඉතින් මිනිස්සුන්ට...ඒ කියන්නෙ අපි අපිටම අපේ රාජකාරි පැහැර හරින්ට කියලද ඔය ළමය කියන්නෙ.....හී හී....:)
thalamu thalamu. Shani
@ හේමලයා:ඒකත් හැබෑව.එහෙම වුනොත් මේ ලෝකේ කී දෙනෙකුට නම් රස්සාවක් කරන්න කියන්න දෙයක් නැති වෙයිද නේද.:D
@ ශානි සහෝ : හී හී ඔවු ඔවු තලමු මඩු වල්ගෙන් ද ?? :D
Post a Comment