Pages

Sunday, May 15, 2011

නූතන සිදුහත්



බැඳුම් හැරපියා නොවේ
යන මේ ගමන

යසෝදරාවෙනි,

නුඹ
නිදුකින් වසනු මැන

නොමැතිවද නෙක නෙක
ආලවට්ටම් අභරණ
සිටියා සේ
මෙතෙක් කල්
මා සමඟ
අදරින,

රාහුලය සුව නින්දේය
හාමතෙන් ඇරුණු කට
කුස පොත්ත බඩට ඇලී ගිය
අතැර යනු කෙලෙස
මේ මහා බන්ධනය

නිදුකින් වසනු මැන

සත්‍යය සොයා එනතුරු

යලිත් මං ඔබ ලඟට

බමුණන් බොජුන් සංග්‍රහයේ
නිරන්තර

අපිට පමණක් ඇයිද
හැමදා
සාගින්දර

මේ මහා
විස ඝෝර
සපුන් පිරි
වනන්තරය ....

1 comments:

දුකා said...

මාලිගාවක සැප සම්පත් මැද හිටි නිසා එදා සිදුහත් යසෝදරා දාල සත්ය සොයා ගියාට අවුලක් නෑ..
ඒත් බඩ ගින්දරේ ඉන්න දරුවොත් එක්ක උකස් කරල කැඳ උගුරක්වත් පොවන්න අබරනයක වත්කමක් නැති මෙදා යසෝදරා දාලා යන එකට නම් මෙදා සිදුහත්ට සමාව දෙන්න බෑ වගේ

Post a Comment