Pages

Saturday, October 8, 2011

ගුරුතුමනි, මට සිප් සතර දුන්න



සියළුම කලාවන් අතර
ඉගැන්වීමද ඉගනීමද
අපූරුම කලාවෙකි
ගුරු පඬුරු
තුටු පඬුරු නොමැති,

දැන ගියොත් මල් ඇතිරූ
මඟ පෙන්වන,

නොදැන ගියහොත්
අහිංසකද ,අංගුලිමාලයෙකු
කල හැකි....

ගුරුතුමනි,
මට සිප් සතර දුන්න

පුදමි උපහාර...

මා හුන් තැනින් මදක් ඔසවා තැබුවාට

දරුවනේ,
මගෙන් සිප් සතර ගන්න

උපහාරය නම් මෙයමයැයි....

හුන් තැනින් මඳක් එසවී හිනැහෙන්න

ජීවිතය ජයගත් බව,
දිනෙක පවසන්න......!!!!

0 comments:

Post a Comment