නයිල් ගංගා තීරයේ
මිසර පිරමිඩ කුහර අතරේ
සඟවා තබන්නෙමි
මගේ හිත් මල
හිරු එලිය ලඟ දැවී ගිය
සැඩ ජල කඳ විත් පියළි
ගලවා හිතුමනාපෙට ඇදී ගිය
මගේ හිත් මල
ආයෙමත් නොදකින්න
කිසිවෙකුට කවදාවත්ම
සිනා වෙන්නට
දැන් තියෙන්නේ
මම නොවෙනා මගේ හිතක මිස
Themes By Buy My Themes And Web Hosting Reviews.
1 comments:
මොකක් හරි උනහම ආයෙමත් ගොඩ එන්න බැරිය කියල තමා හැමෝම හිතන්නෙ.
Post a Comment