Pages

Friday, April 18, 2014

රොබරෝසියා මල් එක එක පාටට පිපුණ
ඇල්ප්ස් කඳු වැටි කථා අතරේ උන්න
විලෝ තුරු නොදැක්කාට සීනෙන් පෙනුන
සමනලියකට පුළුවන කඳුළු හංගන් ඉන්න . 

රවිය ඔබ ,නෙළුම් මල් පුබුදුවන

නමුදු හැමවිට මා දවාලන;

තුෂර බිඳු අගට දිදුලන පැහැය දුන්නද

සිතට එන හැම විට හීනියට ඉකියක් ගෙනෙන .

Thursday, April 17, 2014

සුරඟනන් පෙනෙනුයේ

එළිය දකින්නන්ටය:



අඳුරු තිමිර පට


ඉරා දමන්නන්ටය;
මැඩියෙකු මහා මඟ
අවසන් ගමන් ගොසින් ඇත

නෑසියන් කිසිවෙකුත්
මළගමට පැමිණ නැත;
දම් පාට සමනලෙක්
කවි පෙළක බාගයක්
තුරු පතෙක අග හෙමින්
නළියනා දලඹුවෙක්;
අතීතය
වර්ථමානය
සමඟ
ගබ්සාව ගිය
නූපන් හෙට;

Tuesday, July 2, 2013

කඩුපුලී

අරුණාලෝකය සමඟ
දෙවියන් කැන්දන්න
සිත සිතා සිටිය මුත්
නොහැකි විය, දැඩි හිරු රැස
ලඟාවිය
ඇය නිඳන්නට විය;

දකින සඳ ,ඇවිලෙන ගිණි මහ පොළොව මත
දෙවියන්ද නතර විය
එන්න නම් බෑ කියා
යළිත් තී දකින්නට
සතර මහ බඹ ලොවෙහි දොර කඩින් එතෙර දුර