Pages

Wednesday, September 2, 2009

ලොවට දකුණ ගෙන යාමට නොහැකි නම් දකුණට ලොකය ගෙන ඒම...

ජනප්‍රිය නිලි අනර්කලි ආකර්ශා දකුනු පලාත් සභාවට තරග කිරීමට ඉදිරිපත් කර ඇත. ඇය ගේ අරමුණ ඇයම කියන පරිදි ලොවට දකුණට ගෙන යාමට නොහැකි නම් දකුණට  ලොකය ගෙන ඒමට ඇය සූදානම්ය.මෙහි අර්ථය  දකුණ යනු එතරම් නොදියුනු ප්‍රදේශයක්ද.එසේනම් එයට පවතින පැවති  ආණ්ඩු සියල්ලම වගකිව යුතු නොවේද.මෙහි අරමුණ කුමක්දැයි මට නොවැටහේ... බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක් වුනු ලංකාවේ සංස්කෘතික සීමාවන් තුළ අපහාසයට ගොදුරු වුන ඇය වැනි කෙනෙකු යුධ ජයග්‍රහණය නිසා ජනප්‍රියත්වයට පත් ජනාධිපතිතුමා ප්‍රමුඛ සන්ධානය හරහාම මැතිවරනයක් සදහා ඉදිරිපත් කිරීම බොහො දෙනෙකුගේ විමතියටත් අප්‍රසාදයටත් හේතු වී ඇත.නමුත් සoස්කෘතික සීමාවන් පසෙක දමමු.අපේ රටේ සoස්කෘතිය ගැන කවර නම් කථාද.ඔවුන් දනින්නේ කෙල්ලෙකු කා සමග හෝ කතා කලොත් එයට පදයක් බැදීමටත් කාගෙහෝ පිරිමියෙකුගේ අතින් අල්ලගෙන ,ඇදුම ටිකක් කොටට හෝ යම්කිසි විලාසිතාවක් කලහොත් එයාගේ කන්‍යා භාවය නැතිවි ඇතිවී ඇති බව කීමටත් පමණි.සoස්කෘතිය ලෙස මේ ළිදේ සිටින මැඩියන් දකින්නේ එයයි.වරදක් නොකියමු හැරෙමු ආයෙත් අපේ කතාබහටවෙනත් රටවල් වල බොහො නිලියන් ජනාධිපතිවරණ සදහා පවා ඉදිරිපත් කරවන්නේ යම් යම් නිර්ණායක පදනම් කරගෙනයි.මෙහිදීද එම නිර්ණායක යොදා ගත්තෙදැයි අපි නොදන්නෙමු.නමුදු මෙහිදී පදනම් කරගත් නිර්ණායක නම් මොනවාදැයි දන්නේ ජනාධිපතිතුමාම පමණි.


      කෙසේ වුවත් මෙමගින් සිදු වන්නෙ නුසුදුසු පුද්ගලයන් ඉදිරිපත් කිරීම මගින් එම ප්‍රදේශයේම ඉපදී හැදී වැඩුනු එම ප්‍රදෙශයේ ජනතාව පිලිබද අවබෝධයක් ඇති සුදුසු පුද්ගලයන්ට ඇති ඉඩ හසර නැති වීමයි. යුධ ජයග්‍රහණයන් සමග ලද සන්ධානයේ ජනප්‍රියත්වය මගින් මෙවැනි නුසුදුසු පුද්ගලයන්ටද ජනතාව සුභ ප්‍රතිචාර දක්වයි යැයි සිතීම විහිලුවකි.විය හැකියාව වැඩිය නමුත් ඉන්පසුව ඇතිවන ගැටළුකාරි තත්ව වැඩිය.ආධුනිකයන් නවකයන් එක් විය යුතු නමුත් එය යම්කිසි පදනමකට අනුව සිදු විය යුත් නොවේද.කෙසේ නමුත් ශ්‍රී ලoකාවේ රටේ බුද්ධිමත්ම ජන කොට්ටාශයක් වන දකුණේ ජනතාව සුදුසු පුද්ගලයන් කවුරුන්ද නුසුදුස්සන් කවුරුන්ද යන්න මෙවර ඉතා බුද්ධිමත් ලෙස තෝරා ප්‍රතිචාර දක්වන බවනම් නැවතත් නොසිතුවමනාය.





සාමකමි මැතිවරණයයක් අවසානයේ ලියමි.


ගාල්ලේ ජනයා ගොනාට ඇන්දවීමේ මහා කාර්යභාර්යය සාර්ථකව නිම වීය ...කසුකුසුවලට අනුව ඊලග මහා මැතිවරනයට බෙන්තරින් ගීතා.අහෝ රටකට ගිය කළක්....

2 comments:

shamih said...

thats not matara, it is galle

දුකා said...

good post . . .

Post a Comment