Pages

Tuesday, March 16, 2010

එය එසේ වී නම්...





යථාර්තය  හෙලි දරවු කරනු පිණිස මෙය අවස්ථාවක් කර ගනිමි.
අධයාපන අමාත්යන්ශය විසින් පලමුවරට පරිඝනක ලබා දීම ඇරඹුවේ  1984 වසරේදීය.එනම් මීට වසර 26කට පෙරය.ඉන්පසුව 1994 වසරේදී  ආසියා බැන්කුව විසින් ආධාර යටතේ  පාසල් 300ක පරිඝනක සම්පත් මධයස්තාන පිහිටුවීය.ඉන්පසුව පාසල් පරිඝනක විද්යාගාර සන්කල්පය බිහිවීය.මේ ලෙස එකී නොකී ධනස්කන්ද පාසල් දරුවන්ට පරිඝනක  සාක්ශරතාව ලබා දීමට වැය කරත් එහි අවසන්  ඵලය තුදුස් වසරක පාසල් ජීවිතය හමාර කර පාසලින් පිටවන දරුවන් සතුවේදැයි යන්න විමසා බැලිය යුතුය.එය එසේ වී නම් නගරයක් නගරයක් පාසා මෙතරම් කොම්පියුටර් ටියුශන් කඩ ඇයි දැයි යන්නත් විමසා බැලිය යුත්තකි.
මේ සියල්ලටම හේතුව වන්නේ නිසි සැලසුමක් නැති කමය.තිවූවත් එවායේ එකිනෙකට අන්තර් සම්බන්දතාවයක් නැති කමය.සෑම සැලසුමක්ම හුදකලා සැලසුම්ම පමනක් විය.ඒ නිසා ප්‍රථිපලය ශූන්යක්ම පමනක් විය.


---උත්පලා---



0 comments:

Post a Comment