අරුණ උදයේ ඔබෙ පීත කිරණ යට
සැගව යන්නට සිදුවුනත් මට
මා අරුන්දතී ඔබේ,
බලා ඉන්නේ යලිදු සවසට
සැතපෙන්න ඔබේ සිහිල් සෙවණ යට...
එනමුදු,
පහන් තරුව වී නැගී එන සද මා
තනිය පමණක් ඉතිරි කරවා
ඔබ සැගවෙන්න ලගයි ක්ෂිතිජ ඉම ඉර
අහස් කුස අදුර පුරවා....
යලිදු විදිනු රිසියෙන් ඔබේ ස්නේහ කිරණ පොද
බලා ඉමි නැගෙන තුරු හෙට දින උදය
මා ඔබේ අරුන්දතිය....
----උත්පලා----
Wednesday, October 13, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment