ගිරි හිසෙන් පැන නගින්දා
එන්නෙමි ඇවැසි තැන් කොහේදා
සියොත් ගී මග දෙපස නෙත් බන්දා
ගලමි සුමිතුර ඔබ වෙතම සිත රන්දා...
මල් පියළි ලතාවට මා මතින් පාවෙලා
මිනිසත් කමේ සුගන්දය ගලයි සුළගට යාවෙලා
එ සොදුරු මල් පෙති ඇගිල'ගින් හෙමිහිට නෙළා
එන්නෙමි හනි හනික මා මිතුර ඔබ වෙත ගලා
මග චන්ඩ වී නගයි සුළි, රවයි මා නවතාලන්න
හෙළ ගැඹුරු වී බයයි, එත් නොසැලී එමි ඔබ සනසාලන්න
මග කියන පහන් තරුවේ ඉදින් ගොස් ඔහුට පවසාලන්න
හෙට අළුයමින් රැදෙන් දොරකඩ , මිතුර, මා පිළිගන්න
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment