Pages

Friday, October 22, 2010

සද අතේ එවූ කතාව හැමෝටමත් හොරෙන්.....

සද එබී බලා අදුරු වලාකුල් යටින්
මද සිනා නගා විදාවී ඇගේ සුපුල් දසන්
ඔබ ඇගේ අතේ එවු කතාව හැමෝටමත් හොරෙන්
මේ රැයේ කියන්න මාව හොයනවද ඉතින්...


කුඩා තරුත් හොරෙන් නිදා වැටෙන්න වාගේ උන්නට
රැයේ සේපාලිකා මල් නොපිපුනා වගේ පෙනුනට
සිහිල් සුළග හමා නොයා නිසසලයි වගෙ දැනුනට
මුළු රැයක් බලා ඉන්නේ ඒ කථාව ඇසුමට


පුරා පෝය ලගයි ලගයි සදේ රැස් දිලේ
කළා අදුර  නිමයි නිමයි හදේ මල් පිපේ
වළා පෙලක් හෙමින් ඇදෙයි ලදක සිනා නැගේ
සදේ ප්‍රියා සිතු කතාව මට කියන් අනේ  ......

0 comments:

Post a Comment