Pages

Friday, October 22, 2010

යකඩ දෑත් මට ලැබෙන්න ...

සිසි කැලුමන් මැවේ මැවේ
හමන නළේ සිසිල ගෙනේ
මුදු මල් සුව පුතුට මගේ
අම්මගේ අප්පච්චිගේ ඇකේ,

සුර0ගනා කතා ලගින්
පුතු මාගේ නිදයි සුවෙන්
පහේ කණිසමට කළියෙන්
ළහි ළහියේ එමි හනිකෙන්,

තරුපතිණි බිරිද මගේ
පුතු මාගේ තරුව වගේ
මම හිරු වෙමි අපේ ලෝකේ
සුරකිමි නෙත් යුවල වගේ...

මේ සිහිනය සැබෑ වෙන්න
පුතුගේ සිනා ඔප වැටෙන්න
සතර වරම් දෙවි වරමින්
යකඩ දෑත් මට ලැබෙන්න ...

0 comments:

Post a Comment