සැන්දෑ අහස බලා සිටී
කළුවර කරන්න වළා කැටී
ලා රත් පැහැය රැළි මත වැටී
බලන්න හිරු මෙදෙස බලන සැටී
මධු විතෙන් තොල තෙම තෙමා
ආගිය කතා හැමට පවසලා
සති අන්තයේ පහස ලැබුමට සිතා
ඇත බෝතල් එහෙ මෙහේ සුමුදු වැලි කැට මත තබා
මහා කළු ගල් තලාවක් මතට වී
බලා හිටියෝතින් මාළුන් අල්ලනට හැටී
අපූරුම දසුනක් වුවත් නැගෙන විට බිළී පිතී
නොකනවා සත්තයි උන්ගේ කදුළු දැක දුක සිතී
රැළි වේගයෙන් වෙරලට ඇවිත් යන්න හදිසිය ආයෙමත්
පෙණ කැටි විසිරිලා ගියත් නවතින්න ඉඩක් නැහැ යළිත්
හද හෙමින් නැග ආවත් ඉතින් රාත්‍රිය හෙමින් එළඹුනත්
හාත් පස අදුරට ගියත් යන්න නම් හිත නැහැ මටත්
Sunday, October 24, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment