Pages

Thursday, October 28, 2010

වැහි කෝඩයේ යලි එන්න හෙට රෑ මේ වෙලාවට

තරු ගගන වළා කැටි අතර තුර සගවලා
සීතලම පවන් රැළි දස අතම සල සලා
වැහි බින්දු වැටේ බිම තුහින දොරකඩ හලා
තෙමෙන්නට ඇත්නම් මටත් එවැහි කෝඩයේ දැවටිලා


සද දරුණු සීතලට ගැහි ගැහී ගුලිවෙලා 
සකුණ ගී වෙවුලුවා වැහි පොදට අහු වෙලා
රුවනාර චන්ඩවී රැළි එහේ මෙහෙ ගසා
හිරු කලින් ගිල්වුවා නිදාගන්නැයි කියා


බය වෙලා වතුසුද්ද දෙවැටම
පෙති දිගෑරෙන්න නොහැරම
සැගවුනා වැහි පොදට බයටම
ගෙඹි ගීතයක අතරතුරදිම


ගිගුම් දෙයි මුළු අහස් දියතම
කළු වළා ගැබ රන් එලි විහිදුවමින
බියයි දැන් නම් ඔබේ තුරුලේ ඉන්නට
වැහි කෝඩයේ යලි එන්න හෙට රෑ  මේ වෙලාවට



0 comments:

Post a Comment