Pages

Thursday, October 7, 2010

කාහල නාද කාක නාද

එකදු වදනක් මුවින් නොදොඩා
විමසුම් ඇසින් බලා සිටියි
තමා දිනවූ බිම් කඩ තුල
ඔහුගෙන්ම උදුර ගත් තරු වලට හිනැහෙමින්
තම මුහුනටම පහරමින්
යනෙන සුනඛ කැල දෙස.....
දිනූ බිම් අගල යළි සොහොන් ගෙයක් කර
නැගු කාහල නාද කාක නාදයන්ට යට කර
බුදින හැර අගලින් අගල මේ බිම"දේශප්‍රේමී සිතින් "
වැටත් නියරත් ගොයම් කන සද
කාක නාදයන් සුනඛ බිරුම් හඩට බියෙන්
ඒකා අධිපතියා කියමින් හූල්ලන නිවටයන් අභියස
තවමත් නිසලව බලා හිදී
ඔහු  දෙපයින් නැගී.......

---උත්පලා----


විශේෂ ස්තූතිය උදය සහ චිරන්ත සොයුරන් දෙපළට......

0 comments:

Post a Comment