Pages

Sunday, November 14, 2010

ඉස්සර මම පොඩිම කාළේ රන්ඩු වෙලා පැත්තකට වුනාම හැමොම හිතුවේ මට කේන්ති ගිහින් කියලා,ඒත් මම විතරයි දන්නේ මම පැත්තකට වුනේ මට දුක හිතුන නිසා කියලා....ටිකක් ලොකු වෙනකොටත් හැමොම හිතුවේ ඒත් එහෙමයි කියලා.ඒ මම අඩන්නේවත් කතා කරන්නේවත් නැතුව පැත්තකට වෙන නිසා.මම කොච්චර කතා කරලා කෑ ගහල අන්ඩන්න හැදුවත් කවදාවත්ම මට බැරි වුනා කෑගහලා අඩන්න දුක හිතුනම කාත් එක්කවත් කතා කරන්න.ඒත් මම එක දෙයක් පුරුදු වුනා මගේ දුක වැඩි වෙන තරමට මම ගොඩාක් දේවල් ලියන්න ඉගන ගත්තා.මට කේන්ති ගියාම හරි දුක හිතුනම හරි මගේ පොත් මේසේ වටේටම තියන කටු කොළ වල කවි පේලි පිරෙන්න එහෙන් මෙහෙන් පිරෙනවා ආයෙත් හිත හරිගියාම ඒ කොල කුනු බාල්දියට යනවා...වෙනදට වඩා මා අතින් යමක් ලිය වෙනවනම් ඒ මම අධික දුකකින් ඉන්න නිසා.ඒත් මම කිසිම දවසක කෑ ගහලා අඩන්නේවත් කාත් එක්කවත් දුක කියන්නවත් ඕනේ කියල හිතන්නේවත් ඉස්සරහට හිතෙන එකකුත් නැහැ.මොකද අනිත් අය මාත් එක්ක දුක් වෙන එකෙන් කාටවත්ම පළක් නොවෙන නිසා :-)

1 comments:

Anonymous said...

ma thula enne charitha dekak
Adara hadunana Wadihitiyek
Suralowa dakina podi lamayek
dedena ek wee rasa mawamin mathukara denne sihina lowak

Post a Comment