Pages

Thursday, November 18, 2010

මගේ භූමිය මා උපන් බිම මෙලක් භූමිය වෙයි

සොදුරු කවියක් වෙලා මට ඔබේ
මුවගේ රැදෙන්නට ඇත්නම්
සොදුරු තනුවක් වෙලා මට ඔබේ
හිතගේ ඇයෙන්නට ඇත්නම්
සොදුරු කැල්මක් වෙලා මට ඔබේ
නෙතගේ වෙලන්නට ඇත්නම්
සොදුරු සිතිවිල්ලක්ය මා එදිනට
ලක් මවු පුදන්නට ඇත්නම්


නදී මැද මානෙල් මලක් සේ
මට පිපෙන්නට ඇත්නම්
මහ වනේ සැළි සුළo රල සර
කියවන්න මට හැකිනම්
විලෙක නැගෙනා තරoගයසේ
එක් වරෙම සැලෙමින් මම්
මගේ බුහුමන් ලක් මෑණියනි
ඔබගේ නමින් පුදන්නම්


ගලන ගoගා බාධක තුරින්
නොහැරෙයි මුහුදටම යයි
නිවහල් පැතුම් යලි පුබුදුවන්නට
සිතිවිළි ගලාගෙන එයි
මගේ භූමිය මා උපන් බිම
මෙලක් භූමිය වෙයි
උපන් නූපන් හැම දෙනට
මේ පොළොව පින් සරි වෙයි

0 comments:

Post a Comment