Pages

Friday, November 19, 2010

සක් දෙවිදුගේ පඩු පුලසුන දැන් හැමදාමත් උණුසුම

පෙර කාලේ ඉදහිටවත් රත් වෙන්නේ නැතිව තිවුණ
සක් දෙවිදුගේ පඩු පුලසුන දැන් හැමදාමත් උණුසුම
මනු වග හැමදා අඩු නැති කරදර ලග දෙමින් මූණ
දෙවියනි මේවා බලන්න කියා සැනසෙතියි නිතරම


බුදුරුව සාලේ මුල්ලට දෙවිරුව හිස් මුදුනේ තියන්
පන්සල ලග දේවාලෙට පූජා වට්ටියක් අරන්
දහම නොරකිමින් සුදු ඇදි මනු වග සිටිනා රටකට
දෙවියෝ හෙලයි බැල්ම දිනෙක් සිනාසෙමින් උපහාසෙට


තිස් තුන් කෝටියක් දෙවිදු ඉන්නවාළු මේ ලොකේ
එක් මනු සතෙකුට දෙවියන් ඇත තම ඉස කෙස් ගානේ
අනේ එකදු දෙවියෙක්වත් අප දෙස නෙත් නොහෙලන්නේ
අහේතුවටමයි අපගේ අහේතුවටමයි දෙරණේ

0 comments:

Post a Comment