කන්දක් උස හිත් ගින්දර උරේ තබන් ඉදලා
අල්ලක බත් අවුරින් නුඹෙ කුස ගින්දර නිවුනා
ඒ ගිණි දැල් නොපෙනෙන්නට මුව සිනාව මවලා
දුහුල් පිළී පට සලුවෙන් අපව වසා තැබුවා
අහස් කුසේ කලු වලාව දෙ අත් වලින් වසලා
දේදුන්නක පාට අරන් මගේ ලොව හැඩ කෙරුවා
සමන් මලේ සුවද වගේ හෙමින් හෙමින් හමලා
පහන් පැලක සුවය මගේ දිවිය පුරා මැවුවා
මුළු ලෝකෙම වරද ලගදි ඇගිලි නුඹට හෙලුවත්
අහස වගේ නුඹ ඒ දෙස කරුණාවෙන් බැලුවා
දික්වූ ඇගිලි ලග හෙම්බත් මා දෙපයින් සිටුවා
අම්මේ මහ පොළොව නුඹයි දුක් ගින්දර දරනා
අනුරාධා අක්කාගේ ලස්සන පැදි පෙළකට කොමෙන්ටුවක් ලෙස මා ගෙතූ පද වැල මාගේ සිත් ගත් නිසාවෙන් මෙලෙස මාගේ බිත්තිය මත සටහන් කරන්නට සිත් විය
0 comments:
Post a Comment