Pages

Friday, December 24, 2010

බියකරුම නටඹුම

ගෙනෙන්නට සද මගේ දෝතට
දෑත දිගු කොට සොයන ඉසිඹුවක
දුටිමි කවුදෝ මගේ
සද හෙමින් සොරකම් කරන්
සුවද දුන් සියපතද
මිලින කොට පෙති සිනිදු
හමන අකල් සැඩ නළට
එක් කලා ඒ හින්දා දුකින්
ඈත ක්ෂිතිජයේ පෙනෙන
ඔරුව ආලයම නම්
ඔබ එක්ක උඩුගo යන්න
බලාසිටි මගේ ඔරුව
කණකොක් තටු යටින්
පෙරළිලා සැඩ රළ පෙලට
මිහිදන් වුනා
දරුණු කුණාටුවක ගිලි
බියකරුම නටඹුම ලෙසින් 

1 comments:

Hishan de Silva said...

හරිම ලස්සන පද ෙපල.

Post a Comment