Pages

Wednesday, January 26, 2011

අක්ෂර වින්‍යාසය


*මූර්ධජ ණ අක්ෂරයකින් ආරම්භ කල හැකි සිoහල වචන වර්තමානයේ භාවිතා වන්නේ එකකි.
උදා:ණය,ණයකාරයා,ණය දීම,ණය ගැනීම

*තාලුජ ශ අක්ෂරට පසුව න අක්ෂරය භාවිතා කල යුතුය
උදා:ප්‍රකාශන විකාශන ප්‍රදර්ශන 

*මූර්ධජ ෂ අක්ෂරයකට පසුව මූර්ධජ ණ අක්ෂරය භාවිතා කල යුතුය
උදා:පෝෂණ විෂ්ණු දක්ෂිණ විභීෂණ 

*ර අක්ෂරය රකාරාoශය ගැටය සහිත ඇලපිල්ල යන කොටස්වලට පසුව ණ භාවිතා කල යුතුය
උදා:රණ දෙරණ කිරණ  ද්‍රෝණි ශ්‍රෝණි  තෘණ

*කිසිම සිoහල වචනයක අවසානයේ මූර්ධජ ණ අක්ෂරය හල් අකුරක් කොට ලිවිය නොහැක.
උදා:තොරන්,නාරන්,නිවන්

*ටථ  යන අක්ෂර වලට බොහෝ විට ණ අක්ෂරය භාවිතා වේ
උදා:බණ්ඩාරවෙල,කොණ්ඩය

*තථ දධ යන අක්ෂර වලට මුලින් මූර්ධජ ණ අක්ෂරයක් තනිව ලියන විට එය හල් අකුරක් ලෙස නොලියයි
උදා:ග්‍රන්ථ,චිරන්ත

*වචන දෙකක් එකතුවී තනි වචනයක් නිර්මාණය වන විට ණ අක්ෂරය භාවිතා කල නොහැක.
උදා:බණ්ඩාරනායක,අරනායක,ධාරානිපාත

*ආණු අණ අණි යන තද්ධිත පද යෙදෙන විට න අක්ෂරය ණ විය යූතුයි.
උදා:
1.අණ
 තෙර + අණ=තෙරාණ
උතුම්+අණ=උතුමාණ

 2.අණු
තෙර+අණු = තෙරණු ----- තෙරණුවෝ

 3.අණි
මා+ අනි = මෑණි-----මෑණියෝ

 *ක්‍රියා පදයක දන්තජ න අක්ෂරය භාවිතා කරන අතර නාම පදයකදී මූර්ධජ ණ භාවිතා වේ.එහෙත් අර්ථය අනුව දන්තජ න භාවිතා වන අවස්ථා දක්නට ලැබේ
උදා:කරණ විභක්තිය


*උණ උණු යන කෘදන්ත ප්‍රත්‍ය යෙදුන විට න අක්ෂරය මූර්ධජ වේ
උදා:

         උණ      උණු
බල      බැලුණ  බැලුණු

*මූර්ධජ ල අක්ෂරයක් තනිව ලියන විට එය හල් අකුරක් ලෙස නොලියයි

*ල අක්ෂර 2ක් එක සමීපයේ යෙදෙන විට බොහෝ විට පලමු අක්ෂරය මූර්ධජ වේ

*පිළි යන අක්ෂර දෙකෙන් ආරම්භ කරන්නාවූ බොහෝ වචන පිළි යන්න මූර්දජ ලෙස ලියනු ලැබේ
උදා:
පිළිතුර
පිළිල
පිළිවෙත
පිළිරුව

මතු සම්බන්ධයි.අදහස් යෝජනා වැරදි අඩුපාඩු පෙන්වාදීම සදහා විවෘතයි 

0 comments:

Post a Comment