Pages

Wednesday, January 26, 2011

තවත් හීතලට ගුලිවෙලා
ඉන්න බැරි හින්දාම
උණුහුමක් ඉල්ලමින්
ඉකිබින්ද
විදුරු අයිස් කැටයක්....
...උණුහුමින් රත් වෙලා
දහදිය වගුරාම
සීතලට ගුලිවෙමින්
සැනැහෙන
ගින්දර පොදක්...



වැදුනු හින්දා උණුහුම
දියවෙලා සීතල අයිස් කැටය
ගලා යනවා
පොළොව දිගේ
අනන්තය සොයාගෙන .....



ගින්දරේ උණුහුමට රත් වෙලා
සීතල හෙමි හෙමිහිට මැකිලා
අනන්තය තෙක් සිහිනයන් ලග
අයිස් වතුර නැවතිලා .. 



උණුහුම වැඩිහින්දාම
තව තවත් ගුලිවෙන්න
එන්නම් හනි හනික
තවත් එක සීත දිනයක....



තැන නොතැන බලා
ඉන්න ඕනෑම හින්දාම
වෙනත් දවසක ගුලි වෙමු
කොහේ හරි
කවුරුවත්
නැති තැනක.



සදාචාරයට නටන්න කියලා
අයිස් කැටේනම් ඔහේ ගුලි වෙනවා
උණුහුම ලගින්
කවුරුවත් නැති
කාටවත් නොපෙනෙන
තැනින්...






0 comments:

Post a Comment