Pages

Tuesday, February 15, 2011

මහනෙලක සුසුම



නෙක නෙක පාට සමනල් රෑන්
එක එක තාල කන ලග වයන්
ගැයුවත් ගීත ලගනා ස්වරෙන්
මම නම් නෙවේ බැලුවේ ඕන්


හිත ගත්ත බඹරා හීනෙන්
රැය ආවා සැනෙකින් වේගෙන්
මධු ගත්තා රිදවා මාගෙන්
හෙට එන්නම් කීවා රහසින්


නිදි වැරුවා මා ඒ හීනේ
හිරු කිරණට රැවුවා ජාමේ
පසු දින හද පායන යාමේ
මග බැලුවා බඹරා එන පාරේ


නැත කිසි සළකුණු ඒ හීනේ
බඹර තටු නොමැත
පෙනෙනා තෙක් මානේ
මහනෙල් පෙති මැලවී ආයේ
සැතපුනි සමනල තටු ගාවින්













0 comments:

Post a Comment