Pages

Wednesday, February 16, 2011

බටිත්තියකගේ කතාව

 මම පුoචි බටිත්තියක් කොළ හැළුනු විලෝ පදුරක හැoගිලා උන්න.වසන්ත සමයේ එක දවසක පියාඹන කොට මුණ ගැහිච්ච මo වගේම අහිoසක බටිත්තෙක් එක්ක ලස්සනට සින්දු කිය කියා කූඩුවක් තනන්න  හිතාගෙනයි මම උන්නේ.ඒත් උතුරුකර සුළගට අහුවෙලා  ඔහු ගසාගෙන යනකොට වසන්ත සමයට ඈත චෙරි ගස් වල  තිවුන රත් පාට ලා කහ පාට චෙරි ගෙඩි දැන් දකින්න  නෑ ඇහැ පොවන මානයක,ඒත් මම තනියම  ගයනවා එක එක තාලෙට මට හිතෙන ගීත.පිස්සු බටිත්තියෙක් මේ මොන විකාරයක්ද රෑට නිදගන්න නැද්ද අපිට ඒ දවස් වල චෙරි රස විද විද මගේ නාදය රස වින්ද  මිනිස්සුන් වියරුවෙන් කෑ ගහනවා.මම මොහොතකට නතර වෙනවා හිත  නොසoසුන් අවට සoසුන්  චෙරි ගස් වල රතු පාට ගෙඩි හැදෙන කාලෙ මම කිවුව ගීයක් මතක වෙනවා  මම හෙමින් පටන් ගන්නවා ආයෙත් මගේ ගීතය


විලෝ පත් තුරින්
හෙමින් හමා යන
නළ මුදු සුවදේ
මගේ රහස් කතා
ඔහුගේ කණට මුමුණා
කියන්  ඔහුට  මා
අමතක නොකර වසන ලෙස
පියඹා එනතුරු මා 
ඔහු වෙත හනිකට


අනේ මොන කරදරයක්ද...දවල් තිස්සේ මහන්සි වෙලා ආවත් හරි  නිදාගන්න කියලා පටන් ගත්තා මේ මල වදේ.ආයෙත් ලග පාත ගෙදරක නිදන කාමරයකින් මැසිවිල්ලක්.මිනිස්සුන්ට විතරද දෙයියනේ ආදරය කරන්න පුළුවන්.සද ගිනිගෙන තැඹිළි පාටින් දැවෙන අරන් මේ මකරාගේ මාසයයි.ඉරබටු තරුවක් පේන තෙක් මානෙක නැහැ.හැමෝම වෙහෙස වෙලා.ප්‍රබෝධමත්  මූණක් පේන තෙක් මානෙක නෑ.උකුස්සෙක් පියාඹන ඡායාවක් අදුරු අහසින් පෙනුනා.මගේ පුoචි පියාපත් වේගයෙන් ගැහෙන හඩ පුචි හදවත එoජිමක් වගේ ස්පන්ධනය වෙනවා මම වාඩි වෙලා උන්න අත්ත සෙලවෙන වේගෙට මටම දැනුණා.ඇයි මේ හැම ලොකු සතෙක්ම තනියම ගී ගයන මාවම ගොදුරු කරගන්න හදන්නේ.ඈත නිම්නයේ මඩ ගොහොරු අතරින් වෘකයෙක් සද දිහා බලාගෙන කෑ ගහන ශබ්දයත් එනවාත් එක්කම.....සද නිම්නයේ මඩ ගොහොරුව අතරින් ගිලී ගියා.එකදු තරුවක් නැති අහසේ කණාමැදිරියන් එළි දෙන්න සැරසුනා.පළගැටි ගීතය  මද නලට මුසු වුණා....හිත සoසුන් මම සoසුන් ඒත් වටපිටාව හරිම නොසoසුන්.එක එක පාටින් එළිය දෙන කණාමැදිරියන්ට වශී වෙලා මම බලාගෙන උන්නා.ඔහේ නිනවුවක් නැතුව.

අදුරු ආකහේ 
ඔහේ පියඹන 
කණාමැදිරියනේ
ගිණි පෙලෙල්ලෙන්
බැට කෑ මගේ සිත
නුඹෙ 
එලිය ලග බිය වෙයි...

මම හෙමින් මිමිණුවා.උන් ඔහේ අහගෙන හිටියා.තේරුණේ නැති වුනත් ඔලුව වැනුවා තේරුණා වගේ....කෑලි කැපෙන අදුරේ අපූරුම සුවදක් නැහැ පුඩු තුලින් ගලාගෙන ගියා  මුළු නිම්නයටම සුවද දි දී....මඩ රැදුණු නිම්නයේ කොණක වැලේ සමන් මල් කිනිත්තක්...ඝන අදුරේම පිපිලා.පියළි සමහරක් ඔහේ හුළගට වෙලා සුවද හතර වටේටම පැතිරිලා. 
මම ආයෙත් ගයනවා

 අනේ සුන්දර සමන් පිච්ච කුමරිය
නුඹේ සුවද වැදුණු මගේ නැහැ පුඩුව
දැන් නම් දනින්නේම
මෙලොව සුවද පමණිය.....

කවුදෝ හෙමින් ඉකිබිදින හඩක් ඇසුනා ඒ මේ නිම්නයේ පුoචිම පැල්පතේ ඉන්න  දැරිවිය නම ඉවානා....ඇය රහසින් පෙම් කරන හීන කුමාරයා සීලිග් යන්න ගිහින් දුරු රටකට ටික දොහකට ඇයට නොකියාම.ඒක දැනගත්තු ඇය ඉකිබිදිනවා ඔහු එනතුරු මග බලාන.ඉවානගේ මුළු දිනපොත පුරාවටම මුතු කැට අකුරින් ලියවුන කවි සීලිග් ගැන.පවු අහිoසක කෙල්ල ඉවානා.හැමදාම වටපිට බල බලා ඇවිදින් මම ඉන්න  විලෝ අත්ත ගාවට මාව අතට අරගෙන  හුරතලේට කවි කියනවා අහන් ඉන්න ආසාවේ බෑ.හුරතල් කෙල්ල.


ඝන අන්ධකාරය
ඉකිබිදින සද
නොදැක ආලෝකය
මම බලා  ඉමි
එනතුරා ඔබ
ලතැවෙනා 
කවි පොත ලග....

දැන් අරුණෝද කිරණ  නැග එන්න කිට්ටුයි.අවුරෝරා කිරණ නිම්නයේ හැම අතම නේක රටා මවන්න පටන් අරන්.ඒ අතරේ මම හෙමිහිට අහස දිහා බැලුවා.රැය තිස්සෙම නිදි වරලා මට දැන් වෙහෙසයි.මගේ අහිoසක බටිත්තා ඒවිදෝ කිය කියා....ඒත් මෙන්න ඒ අතරේ   පුoචි තාරකාවියක් හොරෙන් හොරෙන් අහසට පායනවා

අරුන්දතී
දුටුවා මා නුඹව
අරුණෝද හිරු කිරණ
ලග හෙමින් සැතපෙන්න
නුඹ ආව නේද
මේ අළුයම අහස් 
විමානෙට.....

නුඹ මට ලක්ෂන මදහසක් පෑවා....


අද අලුත් දවසක්
මම අළුත් මිනිසෙක්
තව අළුත් පැතුමක්
සමග වේවා දවස යහපත්

ඒත් කාටද මේවා ඇහෙන්නේ.හැමෝම වැඩ පිරුණු ලෝකෙක හිර වෙලා. නිම්නයේ ඈත කොණක ගෙදර චිමිනියෙන් දුම් රැල්ලක් පිට වුනා......

ලොකු අක්කේ  නැගිටිනවා අද ලෙක්චර්ස් නැද්ද..කීයද වෙලාව..දැන් 8 පහු වෙලා.අයියෝ පරක්කුයි පරක්කුයි.. කෑවා නේද මදුරුවෙක්......ඇයි පේන්නේ නැද්ද නෙට් එකේ හිලක් කොහෙද හීනෙන් දොඩවනවා මිසක් මදුරුවෝ උස්සන් ගියත් දැනෙන එකක්යැ....

2 comments:

Hishan Melanga said...

මිනිස්සු හැමෝටම ප්‍රශ්න කියෙනව. ඒවගෙන් බොහෝ ඒවට විසදුම් පෙනෙන තෙක් මානයකවත් නැහැ වගේ තමයි හිතෙන්නෙ. ඒ උනාට ප්‍රශ්න කියන්නෙ හැමෝටම පොදු දෙයක්. අපි මැරෙන කම් ප්‍රශ්න වලට මුහුන දෙමු. දුකක් ඇති කර ගන්න කාරි නැහැ. මොකද අපිත් කවද හරි මැරෙනවනෙ?

Shadow/හේමලයා said...

lovely........:)

Post a Comment