Pages

Thursday, February 17, 2011

කළු හoසයා

                 මම දිය දිය තරoගයක් රිදී විලේ,රිදී විල කන්දක් මුදුනක හැදුනු ටිකක් ආඩම්බර නපුරු විලක් හැමෝම කිවුවෙ එහෙමයි.කවුරු කවුරුත් කිවුවේ  හරිම ගුප්තයි අද්භූතයි වෙන විල් වගේ නෙවෙයි කියලා.මලක් දෙකක් පිපෙන්නේ නැති හoසයෙක් සැරිසරන්නේ නැති...වේලිලා ඉරි තැලිලා ගිය පොලොවේ ඔහේ හැදුන රිදී විලක්.ඒත් එක දවසක් නොහිතපු විදියට  කොහේදෝ ඉදල  කව්දෝ පියාඹ ගෙන ආවා විලට වතුර බොන්න.හැමෝම කිවුවේ මේ කළු හoසයා කියලා.ඒ ආව දවසේ ඉදලා රිදී විල වෙනස් වෙලා.ගමේ මිනිස්සු කියන්න ගත්තා දැන් රිදී විලේ මල් පිපිලා කියලා...නේක වර්ගයේ මල් සුවදින් රිදී විල පිරිලා ගියා.ඔහේ පීන පීන ඉදල ඔයා එක සැරිට රිදී විල ගාවට ඇවිදින් රහස් මුමුණලා යනව කොච්චර සුන්දරද 



             ඔය අතරේ  දවසක් එක සැරේට රිදී විලට අහම්බෙන් ආවා තව හoසයෙක්  රිදී විල එක්ක නිතරම කලා මුකුළුව...මහ හඩින් අකුණක් කණ ලගින් පුපුරල ගියා මුළු අහසම කළු වෙලා ඒ කළු වලාකුළු අතරින් රිදී එළි හැමෝම හිතුවේ බලපොරොත්තුව ඒකයි කියලා ඒත් ඒ තමයි විනාශයේ ආරම්භය.මහා කුණාටුව ඉවර වෙනකොට රිදී විලම කැලතිලා පෑදිලා තිවුන වතුර  බොර වෙලා.මුළු ගමම යට වෙලා...අස් වද්දන්න ලක ලෑස්ති වුන කෙත් වතු යට වෙලා...කළු හoසයා විලෙන් ගිහිලා හැමෝම කිවුවා ඒ ගැන.විලේ තිවුන මල් එකින් එක පරවුණා...ආයෙත් විල පුරුදු විදියටම  ඔහේ තනි වුණා.මේ විල හරිම මූසලයි ගමේ අයගේ කතාව.


                ආයෙත්  ගලපු වතුර හෙමීහිට අතුරුදන්වුනා.ගම යථා තත්වයට පත්වුනා.ඒත් කාලෙන් කාලෙට රිදී විල කැලඹුනා.මල් පිපුනා පරවුනා....ඒත් රිදී විල තවම දුකින්.කළු හoසයා සමහර දවසට  ඔය එහා දිය සීරාවකට  යන අතරමග නැවතුනා රිදී විල බලන්න ආදරය කල නිසා රිදී විලට එක් කලෙක.අවුරුදු ගණනක් ගෙවිලා ගියා තව තව හoසයෝ ආවා විලට වතුර බොන්න පිපාසාව නිවාගන්න ඒත් මුලින් ඇදුණු රූපය මකා ගන්න රිදී විලට බැරි වුණා.....තවම රිදී විල ආදරේ අර කළු හoසයාටයි.මහ රෑට රිදී විල ගාව සැරිසැරුව ඇයගේ හොදම මිතුරියන්ට පුoචි කුරුළු පැටවුන්ට විතරක් ඇය ගැයූ විරහා ගී ඇසුනා.කළු හoසයා දැන් සතුටින් පුoචි කුරුළු පැටව්  දවසක්දා රෑ කිවුවා එයාට ලස්සන සුදු හoසියෙක් මුණ ගැහිලා...දුකක් හිත පැලෙන තරමට ඒත් හිත දොස් කියන නිසා දඩුවම විදින්න වුනා.රිදී විල එදා මුළු රෑ පුරාම ඉකිබින්දා.කමක් නැහැ කළු හoසයා සතුටින්... වෙනදා වගේම ඉදලා හිටලා  ආවාම ඔහුත් එක්ක  සතුටින් කතා කලා.ඒත් හිත ඇතුලේ මහා දුකක් රිදී විල.ඒ ආවම ලගට වෙලා ඔහේ කතා කර කර ඉන්නවා රිදී විල සමහර වෙලාවට ආදරයෙන් බලන් ඉන්නවා කළු හoසයා දිහා.එයාගේ හිනාවෙනකොට දෙපැත්තෙන් වළ ගැහෙන කම්මුල් දිහා.මොනවා වුනත් කවදාවත් මට අයිති වෙන  වස්තුවක් නෙවේනේ කියලා හිත කෑ ගහනවා.ඒත් හoසයා සතුටින් කියලා ඇහැට එන සතුටු කදුලු වේලිලා ගිය නෙලුම් කොලයකට පා කරනවා.ඒ තමයි ජීවිතය.අපි කැමති සමහර දේවල් අපි ආදරය කරන සමහර දේවල් අපේම වරදින් අපෙන් ඈත් වෙනවා.මග හැරෙනවා.රිදී විල කල්පනා කරනවා.

                 එක දවසක් මහ රෑ කළු හoසයා ආවා රිදී විලට දුකින් වෙනදා වගේ නෙවෙයි දැන් ටික දවසක ඉදන් හරිම නිහඩයි වෙනස්, රිදී විල කීවා මාත් එක්කත්.කතා කරන්න හැදුවත් නැහැ කරන්නේ කතා වෙනදා වගේ.මොකුත් නමුත් ලොකු කරදරයක්.කිවුවත් වගේම ඔහු ආවා මම දුකින් මම තනිවුනා.ඔහු මිමිණුවා....මට මේ ඔක්කොම ඇති වෙලා මට පියාඹන්න ඕනේ වෙන අතක් බලා මේ ඔක්කොම අමතක කරන්න මිලයට දෙන හoස තටු වල පහස පමණයි තවම පිළියමට අත් හදා නොබැලුවේ මම ,මට දැන් එය කල යුතුමයි, එකම පිළියම මට ඇති වෙලා....රිදී විලේ හදවත නතර වුනා මොහොතකට.නිෂ්ශබ්දතාවක් මදකට.  හිත කිතූ කිතූ වෙලා කඩන් වැටුනා විල පතුලටම.අනේ ඇය මෙතෙක් කල් ආදරය කල කළු හoසයා ළතැවුලෙන් හොදටෝම සුදු හoසියක් නිසා, හොයන පිළියම  භයානකයි තව තවත් අදුරටම එක් වන්න.නැහැ මම ඔබට ඉඩ දෙන්නේ එයට රිදී විල සපථ කලා අදුරේම රහසින් තමන්ටම...නිදි වරමින් වරු ගණන් කල්පනා කලා ඇය එය ගැනම......ඇගේ  ඇහින් ගලා ගෙන ගිය කදුළු නොපෙන්න ඇති හoසයාට කළුවරේ.

0 comments:

Post a Comment