Pages

Friday, February 18, 2011

අදුරේ පිපුණ මලක්



අද පෝය දවස.කළුවරේ පුරා හද අහසට නැගගෙන එද්දී හැමෝම පන්සල පැත්තට ඇදෙනවා මාත් ආසාවෙන් බලාගෙන උන්නා.ඒ අතරේ සැරින් සැරේ කළුවර අහසේ  එලිය දිදී හිනැහෙන  පුන්සිසිය දිහා බැලුවා ඒ වෙන මොකකටවත් නෙවෙයි මගේ පෙම්වතා ඉර බටු තාරකාව හිනා වෙනවා දකින්න.ඒත් දැන් නම් එන වෙලාව පහු වෙලා ගොඩක් වෙලා.තවමත් නැහැ.හෙමින් හෙමින් කවුදෝ  කවුදෝ ආව කිට්ටුවටම


මට  බයයි.....


රිදෙන්නේ නැහැ පැටියෝ....හෙමීන් හෙමීන්....


මගේ එහා පැත්තේ පිපිලා උන්නු සේපාලිකා මල් කිනිත්ත ලගට ආව  පුoචි සුරoගනාවියක් එයාගේ සියුමැලි දෑතින් ඒ මල් කිනිත්ත නෙලා ගත්තා පරිස්සමට රිදෙන්නෙ නැති වෙන්න මලට.




අපි පන්සල් යමු...
අනේ හෙටද බැහැනේ පැටියෝ මට අද මියුසිකල් ගෲප් එකක් එක්ක වැඩක්..
ඒ කියන්නේ ඔයා එන්නෙ නැද්ද....
කට්ටියත් ඉන්නවා දන්න අදුරන...අපි පස්සෙ දවසක යමු වැඩිය සෙනග නැති..
හ්ම්ම්ම්






සද ටික ටික මුදුන් වුනා.....මගේ ලගට කවුදෝ කිට්ටු වුනා.මට හීන් දාඩිය දැම්මා.....අනේ මට බැහැ දැන්ම නටුවෙන් අයින් වෙන්න....


ගමේ පන්සලේ ඉදන් හමන් ආව සුළගේ දැවටිලා සිල් සුවද මගේ නැහැ පුඩු ගාව දැවටුනා.මම හුස්මක් ඉහලට ඇද්දා...


ඔයා දැක්කම විතරයි මට ආදරේ හිතෙන්නේ.නැත්නම් මට දැනෙන්නේම නැහැ.වැඩිය බැදීම් තියාගන්නේ නැති තරමට දුක අඩුයි.....
ඔයාට මාව පොඩ්ඩක් වත් මතක් වෙන්නේ නැහැ නේද මම කතා කලොත් විතරයි...
කෝ ඉතින් මේ බලන්න මට රහසක් කියන්න....
එපා මම තරහා වෙලා ඉන්නේ.
හ්ම්ම්....


අනේ තවමත් නැහැ මගේ ඉරබටු තරුව.අපි හැමදාම අදුරෙද හිනා වෙන්න ඕනේ.ආදරයයි රාගයයි කියන්නේ එකක්ද නැත්නම් දෙකක්ද...


කියන්න ඔයා මාව රවට්ටනවද..
ඔයාට පිස්සුද..ඔය විකාර අල්ලලා දාන්න එලියට....


   දැන් නම්  ඇති වෙලා මට බලන් ඉදලා...අනේ කවුදෝ එනවා මේ පැත්තට.මට බැහැ මට බැහැ යන්න.....ඉර බටු තරුව මාව දකින්න කලින් කාගෙවත් දෝතින් ඔබ වහන්සේගේ දෙපතුල ලග පූජා වෙලා පර වෙන්න නම් මට බැහැ බුදු හාමුදුරුවනේ.අදුරේ පිපුණ මලක් වුනත් මාත් ආදරේ ලග අඩන මලක්....

1 comments:

Shadow/හේමලයා said...

smthing different........

Post a Comment