Pages

Sunday, February 20, 2011


ගෙදරින් කෝල් එකක්.
හ්ම්ම්ම්ම්ම්.... 


සුදු පුතේ මොනවද විස්තර.අද මොනවද කලේ.
කෑවද ??රෑට තාත්තා හෙමින් හෙමින් අහන්න ගත්තා.ආ මෙන්න අම්මට කතා කරන්න ඕනේ කියනවා.


ආයෙත්...
මොකෝ අලුත් තොරතුරු.දැන් පාඩන් කරනවද.
මාර්තු අන්තිමෙත් විභාගේ නේද එක දිගට 
නැහැ.
කඩින් කඩ 
හ්ම්ම්ම්... 
කාලද ඉන්නේ රෑට.
පටන් ගත්තද ආයෙත් ලියන්න
 ........කිවුවා කතා කවි රෑ තිස්සේ වෝල් එකේ තියනවයි කියලා...


අම්මෝ.......... දැන් මාගේ අවසානයයි. 


කතා සින්දු ලිය ලිය ඉන්න ෆේස් බුක් එකටයි පත්තරෙටයි.දන්න කාලේ ඉදන් ගන්න ගන්න පොතේ ශෝට් නෝට් කොළවල කොන් කූටු ගාලා වැදගැම්මකට ඇති දෙයක් නෙවෙයි  සින්දු කෑලි කවි කතා...විභාගේ කිට්ටුවෙනකොට තමයි ඔය ඔක්කොම කරන්න ඕනේ වෙන්නෙ.එතකන් සද්ද නැතුව පූසා වගේ ඉන්නවා.එතකොට ඔක්කොම හරියයි.අන්තිම විභාගේ නේද මොනවද ඔය කරන්නේ.


මේ පැත්තෙන් නම් සද්දයක් නැත.


එහෙනම් මම තියන්නම්.
 හරි අම්මේ. :(


අම්මාට පණිවිඩ දෙන සැමට මාගේ සාතිශය ස්තූතිය :(

3 comments:

Shadow/හේමලයා said...

:P

Sihina Ekathukarannek said...

හරියටම එක්සෑම් කාලෙට බොහොම තදින් කවි සංකලපනා ආදී මෙකී නොකී ආබාධ පහළවෙන ලෙඩක් මටත් ඇත . බෙහෙත් නොමැත . ලබා උපන් හැටි කියා හිත හදා ගැනීම යහපත්යයි පැරණි ඍෂිවරු කියා ඇත !

බූරු පුතා said...

අම්ම හරි.
විභාගෙ ලඟ නම් පාඩම් කරහං.
කවි ලියන්න ඕනෙම නම් ඔය එක එක තැං වල නොලිය කටුවැඩ කොල වල ලියහං.

Post a Comment