Pages

Sunday, February 20, 2011

මට කුකවියෙක් වෙන්න ඕනේ


පයට පෑගෙනා එක වැලි කැටයක් ගානේ
සවන වැකෙන එක බණ පදයක් ගානේ
මුවග රැදෙන යහපත් වදනක් පාහේ
ලොවට අරුතක්ම වේවා ඔබ කාගේ

මලක මෙලෙක සිත් නොතැලී හැදෙන්නයි
කදුළු නෙත් අගට සිනහව ගෙනෙන්නයි
දුදන දනන් සුසිරිත ලග නැමෙන්නයි
අදුර අගට ආලෝකය ගෙනෙන්නයි


තරු මිණි අතුල යහනේ සැතපිලා සද
සළු පිළි උනා ලo වුණි අදුරේ වලා රොද
සුදු වත්සුද්ද මල් විදහා දසන් පෙළ
නළ මුදු සුවද ළග දැවටුණි මුදා ලැම


පහනින් පහන් සිය ගණනක් දිලෙන ලෙස
මෙපහන් සිලේ ආලෝකය සිතට වැඩ
පතනා සියලු පැතුමන් මා හැම විටක
ඉටු වේවා හිරු සදු හිනැහෙන ලොවක

0 comments:

Post a Comment