Pages

Friday, February 18, 2011

මම හරි රැඩිකල්



හැමෝම හිතන් ඉන්නේ මම හරි රැඩිකල් කියලා.මමත් හිතන් ඉන්නේ මම හරි රැඩිකල් කියලා.හිතන්නේ අනිත් අය හිතන විදියට වෙනස්ව කියලා.වචන දහයක් කතා කලොත් එයින් 9.9ක්ම කාටවත් තේරෙන්නේ නැති බර වචන කියලා. 
මට තියෙන්නේ හරිම  විප්ලවීය අදහස් තමයි .....
මොකද කවුරු හරි මේ තියෙන්නේ රවුමක් කිවුවොත් මම ඒක ඔප්පු කරනවා කොහෝම හරි නෑ එක කොටුවක් කියලා..
ඇත්තටම මේ පොළොව ගෝලාකාරද ;
නැහැ.
මේක  චතුරශ්‍රයක් අපි ඒකට සීමා වෙලා.මිදෙන්න ඕනේ එයින්.
අළුත් දේවල් හොයාගන්න.මිශ්‍ර වෙන්න ඕනි අළුත් ලෝකය එක්ක.වෙනස් කරන්න ඕනේ සමාජ පද්ධතියම.
මුන් පිස්සෝ බදාගෙන කෙහෙල්මල් සoස්කෘතියක් දගලනවා ඒකම රැකගන්න.වෙඩි තියන්න ඕනේ එකාට එකාට.
මම හරිම විප්ලවීයයි.
|
|
|
|
|
|


රහසින් ...
|
|
|
|
|
|
ඒ  වුනාට...




 මම විතරයි දන්නේ මම දාන් ඉන්න  මේ  රැඩිකල්  වෙස් මූන ඇතුලේ ජීවත් වෙන්නේ තවමත් අර ගමේ කුඹුක් ගස් හෙවණේ තියන ළිදට ආදරය කරන ගැමියා කියලා.

5 comments:

Anonymous said...

ළිදට ආදරේ කරාට කමක් නෑ. ළිද කර උඩ තියාගෙන යන්න හදන්නෑතුව..

"සංස්කෘතිය.." හී හී...!

-සරසි-

Shadow/හේමලයා said...

define radical......ඕකත් තවත් එක් වචනයක් විතරයි.......:)..

Anonymous said...

දැන් ගැමියත් ‍රැඩිකල් වෙලා....මිනිහා හිතන්නේ

"ගමේ කම ‍රැකගන්න පුළුවන්නේ
ලිදෙන් නාගත්තොත් විතරමද...?
ඇයි...කුස්සියට අල්ලා පොඩිවට නාන කාමරයක් අටවගත්තොත්....?
ගමේ කම හේදෙනවද....? කියලා.....හික්...හික්..

Kavi Sitha said...

දැන් ගැමියත් ‍රැඩිකල් වෙලා....මිනිහා හිතන්නේ

"ගමේ කම ‍රැකගන්න පුළුවන්නේ
ලිදෙන් නාගත්තොත් විතරමද...?
ඇයි...කුස්සියට අල්ලා පොඩිවට නාන කාමරයක් අටවගත්තොත්....?
ගමේ කම හේදෙනවද....? කියලා.....හික්...හික්..

Shakthi said...

..
ගැමි කම හා රැඩිකල් කම අතට ඔය තරම පරස්පරතාවයක් මම නොදකිමි..
රැඩිකල් කම සමාජයකට අත්‍යවශ්‍ය කාරණයකි.. නමුත් ගැමි කම සමාජයකට අත්‍යවශ්‍ය නොවේ...
අපි ඉතිහාසය පුරාවටම ඔය කියන පරිදි සිතුවානම් කැලයකට වී සතෙක් මරාගෙන කා ගල්තලාවකට වී නිදාගැනීමටද ආසා වී සිටිය විය යුතු නොවේද??

Post a Comment