Pages

Tuesday, February 15, 2011


ගසා ගිය මගේ පෙති
ඔහේ වැටී ඇති
තැන තැන
ඇහිදින අය 
කියාවී අනේ ලස්සන මල් පෙති
ඒත් දුක දන්නේ මo විතරමයි
අනේ මගේ පෙති
අකාලයේ හමපු 
මහා කුණාටුව ලග
සැතපුන මහනෙල් පෙති
සමනළුන්ට අමතක වෙයි
විලේ හිටිය මහනෙල් මල
ඉවුරු දිගේ ගහන් යාවී
අනේ මගේ පෙති
ඔහේ කාටවත් නැති වෙයි 
ගාණක්
දුන්න සුවද විතරක් මතක් වෙයි 
ටික කාලයක්
ඒත් මම විදවාවී හැමදාම
අනේ මගේ පෙති
නිල් මහනෙල් පෙති.....

0 comments:

Post a Comment