Pages

Thursday, March 3, 2011

මමත්ව

නිදි වරා
ඉන්නට නොහැකි සඳ
නිදි වදින්නට
ඉඩ දුනිමි
මා සිතට
දකිනු රිසියෙන්
සොඳුරු
අරුණැල්ල
මඟ හලෙමි
අඳුරේ වූ
තරු කැට

දනිමි තරු නැත මා
සමඟ අහිත
මන්ද
කවි ලියූ නිසාවෙන්
අරුණෝද
රිවි කිරණයට

ආදරය නුඹ නුඹට මිස
මට නම් නොවේමැයි
ලොව දහම
එය
සිතන්නේ කෙළෙස
නුඹ අපගමනය වෙන බව
එයින් පිට

වැරදුන දා එය
අනරුතකි
නුඹ නිසාවෙන් වුන
කළ හොඳ
මා මටම කරගත්තා
මිස
නැත නුඹ මා සමඟ
වුයේ
ඒ දින

මමත්වය
සමඟ
බැඳි ආලය...

නැත අහිතක්
එහෙත් නෙතෙහි
කඳුලක්
සැමදා රිදවූ සිත ලඟ
මිනිසත් බවේ සිනහවක්....

0 comments:

Post a Comment