Pages

Tuesday, March 1, 2011

ඉඳින්නම් නෑසුනා සේ


ඒ ඔබේ හැටි 
මම හිතපු හැටි
ඒත් අවසානයේ
මම දුටුව
දෙවි රුව
අභියස
නිදිය ගෙන සිටි
වෙන රුවක්
ඔබ..
සොඳුරු
වදන් අභියස
නිගා දුන්,
මට
මම තැබූ
සෙනෙහෙබර
විශ්වාසය
දෙක තුනට
කඩා බිඳ දැමු.....
අහෝ දෙවියනි !!!
අඬන්නද
නැතිනම්
මම සිනා සෙන්නද
ඔය වදන් අභියස,
සමහරක් ඇවිදින් අසන කළ
ඔබ කලේ ඇයිද මෙලෙසින්
ඔහු හට 
මම රකිමි මුනිවත
නොකල හින්දා
ඔය කියන 
කීදෙය
ඉතින් ඔබ
හඬ දෙන්න
තව හැකි තරම්
වෙර නඟා

මුළු ලොවටම
ඇසෙන්නට කෑ ගසා
ඔබ යන එන මඟ දෙපස
ගල් බොරළු
වලට පය ගසා

මම ඉඳින්නම්
නෑසුනා සේ
ඔබේ ලොවෙන් 
සදහටම
පිටමන් වෙලා.........




දැනේවී සැනසිල්ලක් 
ඔබටත් මටත් දෙදෙනාටම....
අවිශ්වාසය 
ඇති තැන 
නොවේ යහපතක් 
අපි දෙදෙනාටම..
ඉතින් 
අවසරයි මට ඉගිල්ලෙන්න
ඔබ ඔය කියන 
නින්දාවේ
බර 
මගේ තටු මත පටවාන...



0 comments:

Post a Comment