Pages

Tuesday, March 1, 2011

හිනැහෙන්න හෙට අලුත් දවසක්


මම හෙමින්
සීරුවට
සවන් දුන්නා
මගේ තාර්කික නොවන
මනස ලඟ රඟන
ස'රියලිස්ටික් හීනයේ
තේමා වාදනයට
මනසින් අගටත් මුලටත් 
දුටුවා එකම රූප පෙළක්
හැමදාම

කැබැලි වුන චූටි කඩදාසි  
ගොන්නක්
එකතු කරමින්
කොලාජ් සිතුවමක් තනන්නට 
දඟලන දරුවෙක්
සිතුවමින් තැණුනු
මිනිස් රුවක්
අභියස
ලෝකය දකින ප්‍රාණියෙක්...

මොහොතක් සිතන්න...
සන්සුන් වෙන්න
සිත තවම ඔබේ
නැහැ යහපත්
ඔබ වෛරයෙන්
ඔබ ක්‍රෝධයෙන්
මනස ඉතාමත්
නොසන්සුන්...

සබඳ
ලෝකය කොතරම්
සරලද...
ඉතින් ඇයි තවත් 
පැටලුණ් නූල් කොන් 
ළඟ නැවතිලා

වරද ඔබේම නේද...

බලන්න අර අරුණැල්ල
දැක සැඟව යන
අඳුරු දුමාරය
ඉතින් කිමද මේ 
පශ්චත්තාප
නොපුදා ලොවට
පෙරළා
මිනිසත් කමේ සොඳුරු 
හසරැල්ල....

හිරු අපේ ලොව 
මල්වර නැකත අත ලඟ
ඉතින් කිමද අප 
කිරි සයුර මත 
නොහොඳ සිත් ගෙන....

හිනැහෙන්න
හෙට අලුත් දවසක්
සොඳුරු පැතුමක 
ආරම්භයක්
අප හිනැහෙන්න හිටි දවසක්
මල් පූදින්න තිවු දවසක්
ලොවට බිලිඳෙකු වඩින දවසක්
සිත සොඳුරු සිතිවිලි 
ගයන දවසක්........

හර්ෂ අරවින්දගේ නිර්මාණයකට යෙදූ  පිළිතුරක් ඇසුරෙන් නැවත ප්‍රතිනිර්මාණය විණි.

0 comments:

Post a Comment