Pages

Sunday, April 24, 2011

තනි තටුවෙන් පියාඹන්න





තනි තටුවෙන් පියාඹන්න
බලන් උන්නාම
මම
කොහේදෝ
ඉඳන්
ඇවිත් එදා
නුඹ
මාත් එක්ක පියෑඹුවා
එහේ මෙහේ අපූරුවට
කවදාවත්ම නොවූ විදියට
එක සැරේටම හුලඟක් ඇවිත් මහා
විසි වුනා දෙපත්තකට අපි
ආයෙත් නොදකින්න
දැන් බැහැ මට පියාඹන්න
වෙනදා වගේ
හිතූ හිතූ විදියට
තිබුනු එකම එක තටුවත්
හුලඟට
ගහන් ගිහින්



0 comments:

Post a Comment