නුඹ වෙරෝනාව මවන විට
හෙමිහිට
හිත
මතකය නොදුටුව ඔහු
"රෝමියෝ මොන්ටේග්"
නම් වේය.
මා සිහින මවන
අපූරුම රුවෙහි
ප්‍රතිමූර්තිය,
කවිකම් ලියලා කොළයක
ගලපන්න
තුඩු දෙන;
සොඳුරු නොවෙද
ප්‍රේමය,
කොතරම්
පියඹා ගියත්
ෆීනික්ස් කිරිල්ලිය
දුර ඈතට,
මිනිස් ශිෂ්ඨාචාර ගණනක්
ඈතට,
කවි අවියක්ව නැගෙන දිනයක
එක් සොඳුරු පෙම් කථාවක
නිහඬ ඉකි බිඳින
කඳුලක්
සැඟව ඇත ඒ පුරාවත
මම සඳලුතලාව මත
ඔහු
මට අත වනමින්
කොහේදෝ දුර ඈතක,
ඔහු හිරු කිරණ
මම
ඒ නුදුටු
පිනිබින්දු,
නැගෙන ළසෝ ගී
දෙනෙත් බොඳ කරන
එක් ජවනිකාවක
අවසන
හෙළමි මම සුසුමක්
මතක් වූ නිසා
ඔබ,
"රෝමියෝ මොන්ටේග්"
තවත් එක් පෙම් කතාවක් පුරාවට!!!
හෙමිහිට
හිත
මතකය නොදුටුව ඔහු
"රෝමියෝ මොන්ටේග්"
නම් වේය.
මා සිහින මවන
අපූරුම රුවෙහි
ප්‍රතිමූර්තිය,
කවිකම් ලියලා කොළයක
ගලපන්න
තුඩු දෙන;
සොඳුරු නොවෙද
ප්‍රේමය,
කොතරම්
පියඹා ගියත්
ෆීනික්ස් කිරිල්ලිය
දුර ඈතට,
මිනිස් ශිෂ්ඨාචාර ගණනක්
ඈතට,
කවි අවියක්ව නැගෙන දිනයක
එක් සොඳුරු පෙම් කථාවක
නිහඬ ඉකි බිඳින
කඳුලක්
සැඟව ඇත ඒ පුරාවත
මම සඳලුතලාව මත
ඔහු
මට අත වනමින්
කොහේදෝ දුර ඈතක,
ඔහු හිරු කිරණ
මම
ඒ නුදුටු
පිනිබින්දු,
නැගෙන ළසෝ ගී
දෙනෙත් බොඳ කරන
එක් ජවනිකාවක
අවසන
හෙළමි මම සුසුමක්
මතක් වූ නිසා
ඔබ,
"රෝමියෝ මොන්ටේග්"
තවත් එක් පෙම් කතාවක් පුරාවට!!!
2 comments:
හත්තිලව්වයි...........
කවියකින් කවියක් ඉපැද්දූ හැටි අපූරුයි. කෙසේ වෙතත් ප්‍රේමය සදාතනිකයි. ප්‍රේම කරන්නන් මියගියත් ජීවත්වුණත්, එක්වුණත් වෙන්වුණත් ඒක එහෙමමයි.
Post a Comment