Pages

Wednesday, April 27, 2011

අපි දෙන්නා



වළාකුළු අයාලේ පාවුනා
සරා සඳ කළුවරේ සැඟවුණා
නුරා බිඳු රැගෙන
ඇය වැස්සක් වෙලා
ඔහේ
කොහේදෝ ඉඳ 
මගේ ලෝකෙට යාවුණා
අහම්බෙන්....
මොහොතකට......




මම නැවතුනා,
එක තත්පරේකට,
විඳගන්න,
ඒ පහස
තෙත,

වෙලෙන්නට තුරුලේ
අන්ධකාරයේ
රැජින ඇය.....




සඳ අඳුරේම රැඳුනා
සේපාලිකා සුවඳ ගැලුවා
මුහුදු රළ මොහොතකට
සසලව
නිසොල්මන් වී
නැවතුනා........



නැවත සඳ මුදුන් වෙන
රැය,
මා
තනිකොට දමා 
ඇය,
සයනයෙන් පිබිදුනා
දවටා 
ගත වටා
ඇගේ
මුදු සළුව...


නොදුටිමි 
එතැන් සිට ඇයව
කවදා කොතනකවත්ම,



දැනුනා 
ආදරය
දිනක් 
ඇය සිහියට නැගුන,



සෙවූවත් ඇයව, මම
ඇය 
ලoව තරුවලට
සිනාසී කතාවේ
නොදැක්කාසේ මාව

දුකයි ....
මට 
මා ගැනම,


ඒත්,
සිතලුවකි


ආදරෙයි 
ඇයත් මට


නොපෙන්වූවාට 
ඔය;




මම දුකින්


ඇය????


ඇය බියෙන්
මම ලo වෙයි
තව කාටවත් හොරෙන්....


මම???


මම බියෙන්
අහිමිවෙයි 
ඇ‍ය 
මට 
ලැබෙන්නට කලින්...



මම දුකින්


කළකිරීමෙන්,


සිත සිතා....


මා ගැනම...
ඇය ගැනද...


තවද


ලෝකෙට ඕනෑ 
හැටියට 
නටන




අපි දෙන්නා ගැනම...


1 comments:

Hishan Melanga said...

ආදරේ කරන කොට ඔහොම තමයි. භාදක වලින්, එන්න එන්න ආදරය ශක්තිමත් වෙනව.

Post a Comment