ඉහළ වලා කුළු පෙළින් නොබැසම
දෙව් බඹුන්
පරසතු මල්
ඉසින සඳ
බුදු හිමියනේ
ඔබ,
ඉස
කඳ
දෙපා මුල....
අපිද පුදනෙමු
සුවඳ පැන් නැහැවු
වනපස මල්
හිමියනි,
ඔබ
සිරි පතුල් සිඹ,
ඒ ද
මල්මය
මේ ද
මල්මය
නේක පැහැ
වර්ණයන් මැද
සිනා වෙන......
පරසතු මල
කිසිදා
නොවේමය පර,
එක ලෙසම හිනැහේය
සුර බඹුන් ලොව
නේක
විසූක දස්සනයන් මැද ...
ඉතින් හිමියනි,
ඔබ දෙසූ
ඒ
අනියතේ දහම
සසර මඟ දුක
හෙටින් නිම කරන
ඇසේවිද...........
දැනෙවිද.....................
 සුර ලොවින් වට
පරසතු කුසුමකට
කිසිදා
පියළි මුකුළිත
වෙතැයි නොසිතන
කිසිදා
පියළි මුකුළිත
වෙතැයි නොසිතන
නිල් අහස පුරාවට ඉරු කිරණ
පායද්දී
ලතාවට හිනා වෙන
කලු අහස පුරාවට හඳ එලිය
නැග එද්දී
සුවඳ හැම තැන පතුරුවන
වැහි දාට පෙති මැළවී
බිම වැටෙන
මේ 
 පුදන 
වනමල් කැකුලකට මිසම  ............
 
 



 
 Posts
Posts
 
 
4 comments:
ඔබටත් පහන් සිතුවිලි පහලවන වෙසගක් පතමි.
බුදු හිමි පා යුග පාමුළ
බාගෙට පර වුණු වන මල
එය කොතරම් වටිනවා ද
වැඩියෙන් පරසතු මලකට
කවදාවත් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්න හදන සමහර අමනුස්සයෝ වගේ මිනිසුන්ගෙයි කොයි වෙලාවේ මැරෙයිද කියලා දන්නේ නෑ කියලා හිතලා මනුස්සයෝ විදිහට ජීවත්වෙන මිනිස්සුන්ගෙයි වෙනස වගේ කියලා හිතෙනවා මේ නිසඳැස . . ලස්සනයි . .
ඇත්තෙන්ම....
Post a Comment