මඟ දුර ගෙවා
අවු වැසි'තුරින්
ගමනේම වීය ජීවිතය
අකුණු හෙණ හඬ අතර
අවසානයක් නැති
නමුදු
අවසානයක් සෙවුව
තිතක් නොව
කොමාවක් විය
ප්‍රේමය
නමක් නැති
නමුදු
නමක් ඉල්ලා
කෑගසන
බැඳුම්
ඇවිත් නැවතුනි
වැහෙන්නට ලඟ
වාන් දොරටු ලඟ
ඒ ද අවසන් කර
නුඹ යන්නම ගොහින්
නොකියා
එකදු වදනක් මට
පසක් කර
කොමාවක් නොව
තිතක් බව
ප්‍රේමය......
අවු වැසි'තුරින්
ගමනේම වීය ජීවිතය
අකුණු හෙණ හඬ අතර
අවසානයක් නැති
නමුදු
අවසානයක් සෙවුව
තිතක් නොව
කොමාවක් විය
ප්‍රේමය
නමක් නැති
නමුදු
නමක් ඉල්ලා
කෑගසන
බැඳුම්
ඇවිත් නැවතුනි
වැහෙන්නට ලඟ
වාන් දොරටු ලඟ
ඒ ද අවසන් කර
නුඹ යන්නම ගොහින්
නොකියා
එකදු වදනක් මට
පසක් කර
කොමාවක් නොව
තිතක් බව
ප්‍රේමය......
2 comments:
Jiwithaya labannata
dedenek ek kaleth premayai
Jiwithaya windinnata
loku mahath aleth premayai
Jiwithaya dakinnata
neth paduweth premayai
ehw premaya thithak wannee.....
Jiwithayen samugath dawasatai.
බලන්න මට උනා වගේමයි....!!
Post a Comment