Pages

Sunday, May 29, 2011

ප්‍රේමය ඇසිල්ලකි,

කවුරුන් කෙසේ
අරුත් පසිඳලන්නට
තැත් කලද

ප්‍රේමය ඇසිල්ලකි,

විදුලි එලියකි,

කණාමැදිරියන්
රජ කරන
එක් රැයක
විඳිය හැකි

නැවත
හිරු පෑයු කල
එකළු කල
ගන අඳුර

අමතකය
රැයේ දුටු
අපූරුම විදුළි එලි

ප්‍රේමය

නම්

එපමණකි ...

3 comments:

Hishan de Silva said...

මේ ලෝකෙ හැම දේම හැදිල තියෙන්නෙ තාවකාලික ඇසිල්ලක් වන ප්‍රේමය මතමයි....

Deeps said...

ඒ වුනාට රැයේ දුටු විදුලි එළි කවදා හරි අපිව ජීවත් කරාවි

දුකා said...

ප්‍රේමියෝ ප්‍රේමයෝ
ප්‍රේමයේ නියම අරුත
වටහා ගන්න දිනය තෙක්
ප්‍රේමය ඇසිල්ලක් වෙවී හැමදාම

Post a Comment