Pages

Saturday, July 23, 2011

සිත්තරා හා සමනල් තටුව





මම,
සමනල් තටුව ....


දේදුනු පාට හතින්
හැඩ කල..................


සිත්තරා ඔහු ,
මා හැඩකොට 
මටත් නොකියා පිට ගිය....................


ඉර නැගී 
බැසී 
තුන්සිය හැටපස් වරකට




ඔහුත් 
මාත් 
පේලියට
දෙපා දැවෙනා  මඟක
කිසිවක් නොකියා .....
ඔහේ ඇවිදිමින්,


ඔච්චමට හිනා වෙන 


රුදුරු ඉර එළිය යට ,


මම දකින්නෙමි
සිහිනයක්,
පාට  තැවරූ සිහිනයක්,


සමනළ කන්ද ඈත ....


නැවුම් පියාපත් දිගහැරි 


මම සිනාවෙමි මෑත.....
ඔහු අඳී
සිතුවමක්
පාට  තැවරූ සිතුවමක්.....




නමුදු
එපා යළි  වැලපෙන්න 
ඉකි ගසා 


කඳුල......


නොලැබුණද සිහින 
ඒ ලෙසට 


කිසිදාක ....






මා සමනලිය .....
කාලයට පාට ගිය 
පියාපත සමඟ 
රහසින් ඉකිබිඳින්න්ට උරුම........


ඔහුද සපථ කොට  


නො අඳින බවට 
එකදු සිතුවමක් 
යලි කිසිදු දිනක ආයේ.....



ඉතින් කිම 
මේ වැලපිල්ල....


නවතිමු ....
මෙතන මේ ලෙසම .....


නොහඳුනනා ලෙසට.....



නොදකින්න 
කිසිදාක
පාට හතකින්ම
දේදුන්න.....


පාට ලොව ඔහුට....
හිස් බව මටම.....




පාට නැති තටු දෙකට
නික්මෙන්න අවසරද.....
















2 comments:

වේලාව ලගයි said...

ඔයාට ඔය තරම් ලස්සනට පේනවාද? මට නම් ඔච්චර ලස්සනට දේදුන්නක් කවදාවත් පෙනිලා නැනේ... හරි ඔන්න මම සිහින දකින්නිය බලන්න ආයේ එන්නම්කෝ දැනට මම සමුගන්නවා,,

. said...

ස්තූතියි....

Post a Comment