ගිම්හානයේ දිනෙක
වියළි පත් වැටෙද්දී බිමට
සෝ බරව
ඉකි ගසා....
අහස් කුස නුඹේ රුව
දිළිහුණා
හිරු මඬල ලෙස...
පුන් පොහෝ දින රැයක
හිනැහෙද්දී
තරු අඹර
පුරා හඳ ලෙස නුඹත්
හිනැහුනා
ඒ අතර....
වස්සානය ඇවිත්
කෙඳිරුවත් වළාකුල් මැදක
සත්තකයි
නුඹ දිගැරුනා
සොඳුරු ඉඳුවරක් ලෙස
මගෙ ලොවට....
අමාවක දිනකි අද
බැලුවාම අහස් කුස,
හැමදාම විඳි ඔබේ
අමිල වූ සෙනෙහස් ගඟම
ආයේමත් විඳින්නට
මට ඉඩක් නොතියාම.....
අම්මේ......
නුඹ
නිවන් මඟ
පිය ගැට නැoඟාද.......
0 comments:
Post a Comment