Pages

Wednesday, December 7, 2011

සෙනොරිටා


සෙනොරිටා  වෙත කියා 
ආදරයෙන් ඔබ එවූ 
පද පේළි  සියල්ලම
මා ලඟ තවම ,
එදා ඒ එවු ලෙසම,
දාතම ඇතුව සුරැකිව.....


බලමි, විටින් විට
රිදුණු තටු පිරිමදින
අතර


බලා සිනා වෙමි විටෙක ,
හිම කිරම සීතල ,
ගිනි ගහන අවුව 
අභිබවා දැනෙනා අතර


කඳුලු සලනෙමි


මා කුඩා කෙල්ලකි
ඔබ සැවොම දන්නා යෝධ කණුවකි


හිම කිරම ටිකින් ටික දියවෙන්න ලංවෙති


ඔබ ඈත සිට මා දෙසම බලමින්
මා මෑත ගොලුවී, කියන්නේ මොනවාද නොදනිම්


වැටී හුන් විටෙක මා සෙවණැල්ල සේ ඇවිදින්
මට ඔබේ උරහිස්ස දුන් හැටිත් ඈත් වී නැහැ මගේ මතකෙන්  
නමක් නැති බැඳුම් නම් කොතෙක් ඇති ලෝකයෙන්
ඉරක්  දී මතකයෙන් සමුදෙන්න බෑ ඉතින්


මා කුඩා කෙල්ලකි
ඔබ සැවොම දන්නා යෝධ කණුවකි


අවට සියොතුන් ගයන ලෝකයකි
ලඟින් ඉන්නත් ,දුරස්වන්නත් හිතේ ඇත්තේ මහා ලෝභයකි




ලිහිණියක් රැය අඳුර අතරේ 
ලිහිනියෙක් තටු පිරි මදින දුක සේ

ඔබ කිවුවේ එලෙසයි
මට තාම මතකයි



හිම කිරම දියවේ අවු සැරට බියවේ

ලෝකයට නොතේරෙයි
හිතේ බිය ඒකයි




රැයේ හැම කණිසමක් හමුවේ
නිහඬ බව මා රකින්නට හැදු
හිඳින්නට බැරිවෙලා විසිරේ......
එකම පැනයකි හිතේ ඇත්තේ

මා හිඳිමි ගතින් සුවසේ ,
ඔබත් ඉන්නේ ඉතින් එලෙසමද මිහිරේ ????.......



0 comments:

Post a Comment