Pages

Thursday, December 29, 2011

අතීතය වෙනස් වුවා නම්...???


ඔබ මම මෙතෙක් දුර ආ ජීවන ගමනේ සෑම මොහොතක් ගැනම තෘප්තිමත්ද?
ප්‍රශ්නයක් ...
 ඔබ මම අද ලබා සිටින තනතුර, වැටුප, තත්වය ,ජයග්‍රහණ, ඉටු කරගත් අරමුණු හා වර්තමාන වටපිටාව ගැනයි මම මෙතෙක් වෙලා විමසූවේ.ඔබේ පිළිතුර මගේ පිළිතුරින් වෙනස් වන්න පුළුවන්..ම් ..ම් ...ම් ... ජීවිතයේ මෙතෙක් ආ ගමනේදී ඉටු කරගන්න පුළුවන් වුණ වගේම බැරිවුණ සිහිනත් තියෙන්න පුළුවන්.ඒත් බොහෝ අය ලැබුණු, ඉටු කරගන්න පුළුවන් වුන සිහින වලට වඩා තැවෙන්නේ මඟ හැරුණු,ලබා ගන්න බැරිව ගිය,ඔහු හෝ ඇයව පීඩාවට හෝ අසහනයට පත් කළ අපේක්ෂාවන් පිළිබඳවයි.


ඔබ ආ ගමනේ යම් කිසි තැනකදී ඔබේ ජීවිත ගමන් මඟ වෙනස් වුනා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන අවස්ථා අනේකයි නේද? මටත් නොහිතුණා නෙවෙයි ...


"මම දොස්තර කෙනෙක් වෙන්නයි හිටියේ ඒත් ලකුණු මදි වුණ නිසා වෙනත් වෘත්තියක් තෝරගන්න වුණා"


"මගේ හිත ගිය ගැහැණු ලමයා වෙන කෙනෙකුට කැමැති නොවුනානම්"


මෙන්න මේ වගේ   එහෙම වුනා නම් ,වුනේ නැත්නම්    කියන උපකල්පන මුලට දාගෙන කතා කරන අය තමයි අද සමාජයේ බහුල.මමත් එහෙම වෙලා හිටිය නිසා මම අත්දැකීමෙන් දන්නවා ඒදේ.මෙහෙම සිතීම සාමාන්‍ය දෙයක් වුවත් ඇත්තටම අපේ වර්ථමානයත් අනාගතයත් සතුටින් තියෙන්න නම් මෙසේ සිතීම ඇතැම් වෙලාවකට බාධාවක්.


අනාගතය සරු කරන්න ඕනේ නම් කළ යුතු දේවල් මගේ දැනීමේ හැටියට පහත ඒවා විය යුතුයි


1.අපෙ අතීතය මීට වඩා වෙනස් වුනා නම් කියන අදහස මුළුමනින්ම නිශ්ඵල අදහසක් බව සිතා ගන්න ඕනේ


2.අපේ ජීවිත ගමන් මඟේ බාධා කල හරස් කැපු පුද්ගලයින්ව හෝ හෝ සිදුවීම් වලට දොස් පැවරීම සම්පූර්නෙන්ම නිශ්ඵල බව වටහාගන්නත් ඕනේ


3.අපේ ජීවිතවලට වග කිව යුතු එකම පුද්ගලයා තමාම මිස වෙන කිසිවක් හෝ කිසිවෙක් නොවන බවද අවබෝධ කරගන්න ඕනේ.


ඇත්තටම අතීතයට එක් වුන එක තත්පරයක්වත් ආයේ කිසි ලෙසකින්වත් ඔබට මට ලබා ගන්න බැරි බව දැන දැන තැවීම , අඬ අඬා ආත්මානුකම්පාවෙන් හිත අඩ පණ කරගැනීමෙන් සත පහක වැඩක් කිසිවෙකුට වෙන්නේ නැහැ.


ඔබට ඇත්තේ  තැවෙන අතීතයක් නම් ,ඒ ගැන මොහොතකටවත් හිතන්න එපා..වැඩක් නෑ කොහෙත්ම.අමතක කරන්න අද සිට ජීවිතයේ ඉතිරි කොටස සාර්ථක කරගන්නේ කොහොමද කියලා හිතන එක දස දහස් වාරයක් ප්‍රයෝජනවත්.


අපට අතීතයේදී ඇතැම් අය හිතන්න බැරි තරම් පාඩු සිදු කරලා හිත් තලල දමලා අතැරලා දාලා යන්න ඇති.අපිව අත පය කැඩුණු ගානට අසරණ කරලා දාන්න ඇති.ඒ පුද්ගලයන්ට සිදුවීම් වලට දොස් කියන එක නවතන්න.ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් නැත්නම් කොහේ හෝ වරදක් ඇති.එය සොයන්න ...ඒ වැරද්දේ වගකිව යුත්තා ඔබම බව හිත තබා ගන්න 


ඉතින් යාළුවේ එළඹෙන දෙදහස් දොළහ වසර හිත සතුට පිරුණු ශක්තිමත් හිතකින් අනාගතය වෙත පියමං කරන්න හැකියාව ඇති වසරක් වෙන්න කියා පතමින් අදට නවතින්නම්....




---ධාරා--- 

4 comments:

Milinda V. Jayathilake said...

:) very nice.

Anonymous said...

:)

Chathura Yapa said...

great...nangi

Chathura Yapa said...

Great nangi...

Post a Comment