Pages

Friday, February 17, 2012

වළාකුලු විටින් විට අහස වෙත පියමං කරති
කළුවරද දිලිහුමද අතර සිය සිතුවිළි මුදාළති
කවුරුන්ද එනතුරා නිල් ගගනතේ සැරිසරති
සොයා ගන්නට නොමැති විටදී
අහස මඟ හැර රහසෙ සැඟවෙති.....

අහස විටෙකදී නිල් පැහැය ගෙන
හසකැනින් මුළු ලොවම නහවති
රහසෙ සැඟවුණු වළාකුළු පෙළ
එදෙස බලා දුකින් වැලපෙති

යමක් මතකෙට ආ ලෙසින්
එක වරෙම අහසේ විසිර පැතිරෙති
අහස් ගඟුලේ එළිය මැකිලා
අඳුරු සළුවක් ගත පළන්දති

සැරින් ඔරවා බලන හිරුගේ
කිරණ අස්සේ වියැලි කඳුලු කැට
අඳුරෙ එලියේ වෙනස නොදකී, නොදනී
ඇය වඩින්නේ හිරුට පෙර බව

හිරු නිදා ගත් සවස් යාමෙක
එක වරක් ඒ වළා කුළු පෙල
දිටිය ඇය වෙනදා ලෙසින් නොව
මියැදෙමින් සිටි තවත් තරුවක් ලෙසට

ජල බිඳිති එකින් එක වියැලෙන්න සිටි
වලාවේ සිතට
නැඟුනි සිතිවිල්ල ඇය නොවන බව
ඔහු පැතූ තරු පොකුර

අහස පැහැදිළි විණි
වළාකුලු සැඟවිණි
සියල්ල පැහැදිළිව පෙනුණි

අහස වළාකුළු අතර
ජීවිතය
නතර විණි...

:-)

1 comments:

Shadow/හේමලයා said...

Basically අහසයි පොළොවයි යාකරන තුන් දෙනෙක් ඉන්නවනේ....කාටද වැඩියෙන්ම කැමති...වැස්ස..දේදුන්න....සහ අකුණු....:P

Post a Comment