Pages

Friday, February 17, 2012

ගිගුරුම් හඬක් ඇසුණි
පොද වැස්ස බිම වැටුණි
තරු කොහේ සැඟවිණිද
කවුරුත්ම නොදනීය

ටක ටකස් ටක ටකස්
වයිපරය පොද මකන
ඉදිරි මඟ නොපෙනීය
හිරිකඩ වැදුණු වීදුරුව

අපහැදිලි මඟ දෙපස
අඳුරේ රැඳි අතුරු මඟ
පුංචි තරු කැටය ලඟ
සීතලක් උණුහුමට බර

අකුණු හා ගිගිරුම් හඬ ද
ඝන අඳුර ආලෝකය පතන
එය අවසාන වර වීය
මා අහස අඳුරෙන් දුටුව...

0 comments:

Post a Comment