Pages

Thursday, May 31, 2012


මා වෙරළක්මය...


ඔබද  දිනෙක කීවේ එසේමය...


සිප්පි කටු වෙරළ වෙත දරාගෙන
සැඩ රළ විටෙක හැපි හැපී එති
සුදු පෙණ ඒ අතරින් සිනා වී
රළ පෙළ සැඩ බවින් මුදාළති


මා වෙරළක්මය...


ඔබද දිනෙක සිතූවේ එසේමය...


නෙක නෙක දනන් විත්
පා සළකුනු තබා යති
රළ පෙළ විත් සැරින් 
ඒ සළකුණු මකාළති



නමුදු රළ පෙළ නොදුටු ඉම
පා සළකුණක් ඉතිරි වී ඇත..!!!


2 comments:

Shadow/හේමලයා said...

වෙරළ සයුරට දියව ගියදා

Anonymous said...

කෝ ඒ පා සලකුණ...?

Post a Comment