Pages

Thursday, August 2, 2012



අවසන් වදන්'තර
අවසානයට කිවුව
වදන්පෙළ
සමු ගනිමු අපි
ආයේ හමු නොවන්නට;
අවසන් වසන්තය
අවසන්ව යන අතර
පිපුණු මල් කිනිති අග
රැඳෙවුණිය කඳුළු මල;
සිනාවුන සුසුම් ලඟ


සුසර කළ ස්වර තතක
විලාපය නැංවුණිය
උල ලේනියක නැඟු;
අහස් කුස අඳුරු විය
තරුද නැත දකින්නට,

මොහොතකට.......................

සමු ගනිමු අපි
ආයේ හමු නොවන්නට;

0 comments:

Post a Comment